Sheena Tv Series (complete- ෂීනා-කැලෑ ‍රැජින )

                              ගොඩක් අයගේ ඉල්ලීම පරිදි ඔයාලා බලන්න ගොඩක් කැමති තවත් නියම ටීවි සීරියස් එකක් ඔන්න ආයෙත් දුන්නා. මේක තමයි Sheena (ෂීනා-කැලෑ ‍රැජින).    ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ටාසන් කතාවෙ ටාසන් කැලෑව පිටස්තර අයගෙන් ආරක්ෂා කර ගත්තා වගෙ මේ කතාවෙ ෂීනා කැලෑව ආරක්ෂා කරනවා.
     ඉතිං කතාව ගැන මුල් විස්තරයක් වෙනදා වගෙම දෙන්නංකො, කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා ඔයාලාට දැනගන්න.


              ෂීනා කියන්නෙ කුඩා කාලයේ සිටම කැලයේ හැදුන සුදු ජාතික කෙල්ලක්. ඇය ඉතා කුඩා කාලයෙදි වනජීවි හා පුරාවිද්‍යා ගවේෂකයන් වන තම දෙමව්පියන් සමග අප්‍රිකානු කැලයට එන්නට සිදුවෙනවා. නමුත් කැලයේදි සිදුවන අනතුරකින් ඇයගෙ දෙමව්පියන් මිය යනවා. ඉතිං ඊටපස්සෙ ඇය හැදී වැඩෙන්නෙ කැලෑවෙ ජීවත්වන කලු ජාතික ගෝත්‍රික කණ්ඩායමක් සමග. මේ ගෝත්‍රික කණ්ඩායමගෙ විශ්වාසය, ෂීනාගෙ මේ පැමිණීම අතීත පුරාවෘත්තයකට අනුව සිදුවූවක් බවයි. ෂීනා කියන්නෙ, ඔවුන්ගෙ පරපුරේත් වනයේත් උත්තම ආරක්ෂිකාව බවයි.
      ඉතිං මේ ගෝත්‍රික කණ්ඩායමෙ නායිකාව ෂීනාව හොඳින් ‍රැකබලා ගනිමින් ඇය දන්නා සියලු ගෝත්‍රික මන්ත්‍ර,විජ්ජා ක්‍රම, වනයේ රහස්,සටන් ක්‍රම වගේම ඔවුන්ගෙ පෞරාණික වෙද හෙද කම් කියාදෙනවා. මේවා හොඳින් ඉගෙන ගන්න ෂීනාට අපූරු හැකියාවන් ටිකක් ලැබෙනවා. ඇයට සත්තුත් එක්ක මනසින් කතා කරලා ඔවුන්ව හසුරවන්න පුලුවන්. ගස් වැල් වල එල්ලිලා ගිහින් සටන් කරන්න පුලුවන්. ඉතින් මේ හැකියාවන් වලින් කැලේ විනාශ කරන්න එන අයත් එක්ක  ඇය සටන් කරලා තමන්ගෙ කැලෑව වගෙම ගෝත්‍රයත් රකිනවා.  පෙනුමින් සුන්දර වුණත් කැලෑවට වින කරන අයට නම් ඇයගෙන් කිසිම සමාවක් නෑ. ඔවුන්ව සමූල ඝාතනය කරන්න වුවත් ඇය පසුබට වෙන්නෙ නෑ. හැබැයි ෂීනා ගොඩක් කැමති පිටස්තර පුද්ගලයෙකුත් ඉන්නවා. ඔහු ෂීනාගෙ වැඩවලට උදව් කරන නගරයෙ තරුණයෙක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවකුත් මේ කතාවෙ තියන නිසා මේ කතාව ගොඩක් ලස්සනයි.

      ඉතින් මේ කතාවෙ season 2 ක් තියෙනවා. ඒ දෙකම සම්පූර්ණයෙන් ටොරන්ට් විදියට මම දෙනවා.  ටොරන්ට් දුන්නට ඩිරෙක්ට් ලින්ක් ඕන අයට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද, මම දීල තියන ටොරන්ට් වල එක එක වීඩියෝ වෙන වෙනම පෙන්නන නිසා ඔයාලට එක එක කොටස ඩිරෙක්ට් ලින්ක් වගේ වෙනම බාගන්න පුලුවන්. ටොරන්ට් ගැන එච්චර දන්නැති අය ඒක කරන විදිය පහල ස්ක්‍රීන් ෂොට් වලින් බලාගන්න.



මෙන්න ටොරන්ට් ලින්ක්.


                     Download Sheena season 1 Torrent


                     Download Sheena season 2 Torrent






  1.   මුලින්ම ටොරන්ට් ෆයිල් එක ඕපන් වුනම කියන ටැග් එකේ පහත පරිදි ඔයාලට පෙනෙයි.

                   


2.     දැන් ඔයාලා වීඩියෝ එකෙන් එක බානවනම් ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆයිල් එක විතරක් ඉතුරුකරලා අනෙක් ෆයිල් මත රයිට් ක්ලික් කරලා Don't Download යන්න රූපෙ විදියට ‍තෝරන්න. එතකොට priority ඉස්සරහින් skip කියලා වැටෙයි.ඒවා ඊටපස්සෙ ඩවුන්ලෝඩ් නොවී normal යටතෙ ඇති වීඩියෝව විතරක් ඩවුන්ලෝඩ්  වේවි.

                          
3.   මේ විදියට එකක් ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ skip කරපු ෆයිල් එක අපට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකට පහත රූපෙ විදියට skip කරපු ෆයිල් එකෙ රයිට් ක්ලික් කරලා normal හෝ ‍high තෝරන්න. ඊට පස්සෙ ටොරන්ට් run කරන්න.








                     

      මේ විදියට ඔයාලට සියලුම ෆයිල් කලබල නොවී එකින් එක බාගන්න පුලුවන්. වැඩේ ගොඩ නේද? ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න. 

PSI Factor ටීවි සීරියස් (Paranormal Activities)



වර්ගීකරණය:  අබිරහස්, අසාමාන්‍ය, මනෝවිද්‍යාත්මක,රහස් පරීක්ෂක


                  මෙන්න ඔයාලට තවත් පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා.මේක හරියට X-Files ටීවි සීරියස් එක වගේ. හැබැයි ඒකට වඩා බය හිතෙන අද්භූත අබිරහස් දේවල් පිලිබඳ ව කියවෙන මනෝවිද්‍යාත්මක කතාවක්. මේ කතාවෙ ඉන්නවා, විද්‍යා ගවේෂක කණ්ඩායමක්. මේ ගොල්ලො කරන්නෙ අබිරහස් අද්භූත සිදුවීම්, පුද්ගලයන් ගැන පසුපස ගොස් මේ සිදුවීම් වලට මූලික ව හේතුවුන කරුණු ගැන පර්යේෂණ කරන එකයි. ඒ වගේම අබිරහස් දරුණු අපරාදකාරයන්ව නීතියට කො‍ටු කරගන්න දක්ෂ රහස් පරීක්ෂකයන් ද මේ කණ්ඩායමෙ ඉන්නවා.

      මේ කතාවෙ එක එක කොටස මුල ඉදලා අග වෙනකම්  බලනකම් මේකෙ  කුතුහලය, අද්භූත බව, ත්‍රාසය පිරිලා තියෙනවා. ඒ වගෙම හැම කොටසෙම කතාවෙ අන්තිමට එයාලා සකස් කර ගන්න පරීක්ෂණ වාර්තාවෙන් ඇත්තට අභිරහස් සිදුවීම තුල තිබුන අන්තර්ගතය,  විවිධ පුද්ගලයන්ගෙ මානසික මට්ටම ගැන ප්‍රේක්ෂකයට හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ "සයි ෆැක්ට(ර්)" ටීවි කතා මාලාවයි.

                                  

    ඔන්ලයින් බලලා ඩවුන්ලෝඩ් කරන අය පහත ලින්ක් එකෙන් යන්න


                                  PSI Factor Online Download


                         
                       ටොරන්ට් වලින් බාන අයටයි මේ ලින්ක් එක.


                                      Torrent  Download
                         

The Lost World TV Series (ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව-season 1)


                ඔයාලට මම  අපේ රූපවාහිනි නාලිකා වල විකාශය වුන, ගොඩක් ජනප්‍රිය    වුන ටීවි කතා මාලා කීපයක් ම ඉංග්‍රීසි සහ සිංහල උපසි‍රැසි එක්ක ලඟ ලඟම දුන්නනෙ. ඔන්න මම ඒ අතරට ඔයාලා නැවතත් බලන්න ආස කරන පට්ට ටීවි සීරියස් එකක් ගෙනාවා. ඒ තමයි,  ආතර් කොනන් ඩොයිලිගේ "ද ලොස්ට් වර්ල්ඩ්"(නැතිවුන ලෝකය) නැමති සුප්‍රකට ටීවි කතා මාලාව.
                                 
               අලුත් අලුත් ටීවි සීරියස් එද්දි මේ වගෙ ටික කාලෙකට ඉස්සර විකාශය කල ටීවි සීරියස් ටිකකුත් ඉදිරිපත් කරන්න  මම හිතුවෙ, ඒවායේ තියන විශිෂ්ට රසවින්දනාත්මක බව හින්දම අපට ඒවා අමතක කරන්න බැරි නිසා. අපි ඒ කාලෙ මේවා බලන කොට ටිකක් පොඩි අයනෙ. ඉතින් ඒවා අපි බලනවට බැලුව මිසක් රසවින්දනයක් තෙරුනේ නෑ. හැබැයි දැන් ඒවායෙ රසවින්දනාත්මක අපට දැනෙන නිසාදෝ අපි ඒවා නැවත නරඹන්න ගොඩක් ආසයි. ඒ නිසයි ඔයාලා ගොඩක් ආස කරන මේ කතාව ඉංග්‍රීසි උපසි‍රැසිත් එක්කම මම දෙන්නෙ.


        පරීක්ෂණයක් සඳහා කැලෑ ප්‍රදේශයකට යන ගවේෂක කණ්ඩායමට අවුරුදු දහස් ගණනකට කලින් මිහි මතින් අතුරුදන් වූ අපූරු ලෝකයක් හමුවෙනවා. මේ ලෝකයෙ ඩයිනෝසරයෝ වැනි දැවැන්තයො, දරුණු අද්භූත සත්වයෝ වගේම අමුතු මිනිස් කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් මේ ලෝකය තුල ගවේශක කණ්ඩායමට මුහුණපාන්න වන අද්භූත, ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවට පාදකවෙනවා. මේ කතාවෙ සජීවිකරණ,ප්‍රයෝග කොටස් ඉතා ඉහල මට්ටක තියෙන්නේ අද අලුතින් නිපදවන සමහර ටීවි සීරියසුත් පරයමින්. ඔයාලා මේක නරඹන කොට ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බලනවා වගෙ හිතෙයි.
                                 

                          ඉංග්‍රීසි උපසි‍රැසි මෙතනින් බා ගන්න


         ඔන්ලයින් බලලා බාගත කරගන්න අයටයි පහත ලින්ක් එක
                   Online Download The Lost World Season 1


DVD Rip විදියට කොටස් වශයෙන් බාගත කරන අයටයි පහත ලින්ක් ටික

Episode 1
                 part 1       part2        part 3     part 4


Episode 2
                 part 1       part2        part 3     part 4


Episode 3
                 part 1       part2        part 3     part 4


Episode 4
                 part 1       part2        part 3     part 4


Episode 5
                 part 1       part2        part 3     part 4


Episode 6
                 part 1       part2        part 3     part 4


Episode 7
                 part 1       part2        part 3     part 4


Episode 8
                 part 1       part2        part 3     part 4


Episode 9
                 part 1       part2        part 3     part 4


Episode 10
                 part 1       part2        part 3     part 4


Episode 11
                 part 1       part2        part 3     part 4


Episode 12
                 part 1       part2        part 3     part 4


Episode 13
                 part 1       part2        part 3     part 4


Episode 14
                 part 1       part2        part 3     part 4


Episode 15
                 part 1       part2        part 3     part 4


Episode 16
                 part 1       part2        part 3     part 4


Episode 17
                 part 1       part2        part 3     part 4


Episode 18
                 part 1       part2        part 3     part 4


Episode 19
                 part 1       part2        part 3     part 4


Episode 20
                 part 1       part2        part 3     part 4


Episode 21
                 part 1       part2        part 3     part 4


Episode 22
                 part 1       part2        part 3     part 4



                                           




















Roswell සිංහල උපසි‍රැසි සමඟ (Season 1 - පළමුවන කොටස)




   වර්ගීකරණය : Scientific/Drama
       
                                                      මේ මං ඔයාලට දෙන දෙවන සිංහල උපසිරැසි ටීවි කතා මාලාව.
ඔයාලාට මතක ඇති, මීට කලින් මම Autumn in My Heart(මහද සරා සඳ) කියන ජනප්‍රිය කොරියන් ටීවි කතාමාලාව සිංහල උපසි‍රැසි සමග ම දුන්නා. ඒ කතාව නොබලපු අය තාම ඉන්නවනම්  මෙතනින් ගිහින් බාගත කරගන්න. ඒ කතාව ගොඩක් අය බාගත කරගෙන තිබීම ගැන මට සතු‍ටුයි. ඒ ලිපිය පලකල දවස්වල බ්ලොග් එකෙ තිබුන සමහර ප්‍රශ්න නිසා ගොඩක් අයට කමෙන්ට් කරන්න  ප්‍රශ්න මතුවුන බව  සමහර අඩවි වල ඒ ලිපිය සම්බන්ධ ව  පලකරලා තිබුන අදහස් වලින් මම දැනගත්තා. ඒත් දැන් ඔයාලට මේ අලුත්ම සිංහල උපසි‍රැසිය ගැන තියන ඔයාලගෙ අදහස්  කමෙන්ට් කරන්න පුලුවන්. මොකද ඔයාලගෙ අදහස් අපිට වටිනවා මේක ඉදිරියටත් ගෙනියන්න.

    මීට කලින් මම ම "රොස්වෙල්' පලමු කතාවෙ සියලු කොටස් උපසි‍රැසි නොමැතිව බාගත කරන්න ‍රැපිඩ්ෂෙයා ලින්ක් එක්ක දුන්නා.

     මේ පාර මං ඔයාලට දෙන ටීවි සීරියස් පිටසක් වල  ජීවින් සම්බන්ධ කතාවක්. පිටසක් වල ජීවින් කිව්වා ම ඔයාලට එක පාරටම හිතට එන්නෙ ලොකු ඔලුවක් තියන පොඩි ජාතියක් තියන අමුතු ජීවින් පිරිසක් ගැන නේද ? එහෙත් මේ කතාවෙ ඉන්න පිටසක් වල ජීවින් නම් මිනිසුන්ගෙ හැඩරුව තියන එහෙත් අමුතු හැකියාවන් තියන තරුණ පිරිසක්. හරියට ස්මෝල් විල් ටීවි කතාවෙ වගේ. මේ කතාවෙ කොටස් කීපයක් මීට කලින් ලංකාවෙ රූපවාහිනි නාලිකාවල පෙන්වලා තියනවා. මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් කතාවක්.

        හරි.. දැන් අපි කතාව මොකක්ද කියලා බලමුකෝ.

   මේ කතාවෙ නම තමයි "රොස්වෙල්". රොස්වෙල් කියන්නෙ ඇමරිකාවෙ නව මෙක්සිකෝවෙ පිහිටි ප්‍රදේශයක්. මේ ටීවි කතාවට රොස්වෙල් කියලා නම දාලා තියෙන්නෙ 1947 දී පමණ මෙම ප්‍රදේශයට වැ‍ටුණා යැයි සැලකෙන පිටසක්වල ජීවින්ගෙ යානාවක් සම්බන්ද සත්‍ය සිදුවීම පාදක කරගෙනයි. මේ කාලයේ පිටසක් වල ජීවින් සම්බන්ධ වැදගත් සාක්ෂි රාශියක් ලැබෙන්නට ඇතැයි සැලකෙනවා. නමුත් ඒ කාලයෙ ඇමරිකානු ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කිරීමට කටයුතු කරන අතරම ඒවා  සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පෙන්වීමට උත්සහ දරා තිබෙනවා. නමුත් ඒ කාලයෙ සිටම UFO නැත්නම් හදුනා නොගත් යානා හා ජීවින් පිලිබදව පරීක්ෂණ රහසේ සිදු කරන අතර FBI වැනි ඇමරිකාවෙ ප්‍රමුඛ ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කරන්නට උත්සහ දරන බවයි බොහෝ අයගෙ මතය. මෙවැනි කරුණු පසුබිම් කරගෙනයි මේ ටීවි කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ.

         කතාවට අනුව ඒ රොස්වෙල් සිද්ධියේ විනාශ වුන යානාවෙන් බේරුන තුන්දෙනෙක් තමයි මැක්ස්,මයිකල් සහ මැක්ස්ගෙ සහෝදරිය. එම අනතුරින් ඔවුන්ගේ දෙමාපියන් UFO පරීක්ෂණ වලට ආරක්ෂක අංශ යොදා ගැනීම නිසා ඔවුන්ට දෙමාපියන් ව අහිමි වෙනවා. ඊට පසු ඔවුන් අපේ ලොකයේ සාමාන්‍ය පවුලක් දෙමාපියන් ලෙස සලකමින් සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සහ දරනවා. ඔවුන් තමන් සතුව තියන අසාමාන්‍ය බලය පාවිච්චි නොකිරීමට පරිස්සම් වෙනවා. මොකද තමන් පිටසක්වල ජීවින් බව අනෙක් අය දැන ගත්තොත් සැබෑ දෙමාපියන්ට වුනා වගෙම තමන්ගෙ ජීවිතත් අනතුරේ වැටෙන බව ඔවුන් දන්නවා.

       " ලිස්" කියන්නෙ පාසල් වෙලාවෙන් පසු අවන්හලක වැඩකරන අහිංසක සුරූපි තරුණියක්. එක් දිනක අවන්හල තුල සිදුවන ගැ‍ටුමකින්  වැරදීමකින් ලිස් වෙඩි වැදීමකට ලක්වන අතර ලිස් ගැන ලොකු ලෙන්ගතුකමක් තිබුන මැක්ස් ඇයගෙ ජීවිතය බේරාගැනීමට තමන්ගෙ අසාමාන්‍ය බලය පාවිචිචි කරනවා. මේ සිද්ධියත් සමග මැක්ස් සහ ඔහුගෙ සගයන් දෙදෙනා ගැන ඇමරිකානු රහස් ඔත්තු සේවා වල උකුසු ඇස් යොමුවෙනවා.  මැක්ස් තමන් කවුදැයි ලිස්ට පැහැදිලිකිරීමෙන් පසු FBI මැක්ස් පසුපස සැකකීරිම වැලැක්වීමට  මැක්ස් ඇතුලු පිරිසට ලිස් උදවු කරනවා.

               මේ අතරතුර ලිස් මැක්ස්ට ආදරය කරන්න පටන්ගන්නවා. මැක්සුත් ලිස්ට ගොඩක් ආදරය කලත් ඒ ආදරයට යම් යම් සීමා පනවගන්නෙ තමන් සාමාන්‍ය තරුණයෙක් නොවන නිසා. මේ නිසා මේ දෙදෙනාගෙ ආදරය කොයි වගෙ වෙයිද ? මැක්ස් ඇතුලු පිරිස ආරක්ෂක අංශවලින් සැගවෙන්න මොන වගෙ වැඩ කරයිද ?කියලා ඔයාලාට මේ කතාවෙන් බලන්න පුලුවන්.


සැ: යු:   මෙම සිංහල උපසි‍රැසියෙහි සම්පූර්ණ කතෘ අයිතිය TV SERIES LK සතු වන අතර මෙය ඔබට "නොමිලයේ" නිකුත් කරන ලද්දකි. එබැවින් මෙහි කිසියම් සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම හෝ කතෘගෙ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරාත්මක නොවේ.


* password ඕනි වුනොත් ds කියල ටයිප් කරල Enter කරන්න.

             
                          වීඩියෝ ෆයිල් එක මෙතනින් බාගත කරගන්න
     
                           සිංහල උපසි‍රැසි මෙතනින් බාගත කරගන්න
                   


Xena :Warrior Princess Season 01 complete (සීනා : ඉංග්‍රීසි උපසි‍රැසි සහිත ව)



වර්ගීකරණය :  Adventure / Horror / Fantasy

              මේ පාර මං ඔයාලට දෙන ටීවි සීරියස් එක ඔයාලා කවුරුත් පොඩිකාලෙ ඉඳලා ආදරය කරන නැවත නැවතත් බලන්න කැමති දැවැන්ත නිර්මාණයක් බව නම් මට සැකයක් නෑ. ඔයාලට මතකද, මීට අවුරුදු කීපයකට කලින්  "හර්කියුලිස්,බීස්ට් මාස්ටර්" වගේ සුපිරි වීර කතා අපිට ලංකාවෙ රූපවාහිනී නාලිකා වලින් රස විඳින්න පුලුවන් කාලයක් තිබුනා. ඒ නිර්මාණ  අපිට තාමත් මතක තියනවා වගේම ඒවට අපි තාමත් කැමතියි. ඒ කතා අතර ගොඩක් ජනප්‍රිය වුන ටීවි කතා මාලාවක් තමයි "සීනා" කියන්නෙ.

Game of Thrones Season 2 complete (ඉංග්‍රීසි උපසි‍රැසි සමග)




   මේ Game of Thrones කතා මාලාවෙ දෙවන කතාවයි. ඔයාලා ට මේ කතාව ගැන මම වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. මොකද මම මීට කලින් දුන්න පලමු කතාවෙ කතාව ගැන ලොකු විස්තරයක් කියලා තියනවා.

ඒ ලිපිය බලන්න මෙතනින් යන්න

                               මෙන්න  බාගත කරගන්න හොඳ  ටොරන්ට් එකක්  .


Game of Thrones complete




  වර්ගීකරණය:  Adventure, Drama , Fantacy
  imdb rate     :  9.4

   මම බලපු ටීවි සීරියස් වලින් පට්ට එකක් තමයි මේක. imdb rate එකෙන් ම ඔයාලටත් පේනවනෙ මේක කොච්චර සුපිරි ද කියලා. මේ නිසාම මේ කතාව ගොඩක් අය බලලා ඇති. Spartacus බලපු අය නම් අනිවා මෙ කතාව නොබලා ඉන්නෑ. ඒත් නොබලපු අය ඉන්නව නම් මෙන්න පෝස්ට් එක.


The Secret Circle Complete Season 1 (ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව)


    
               වර්ගීකරණය:  Drama / Horror / Fantacy
             
              මම මේ පාර ඔයාලාට දෙන ටීවි කතාව පාදක වෙන්නෙ උපතින්ම අද්භූත හැකියාවන් තියන තරුණ කණ්ඩායමක් වටායි. කොටින්ම කිව්වොත් අර කොස්සෙ නැගලා ගිය මන්තරකාරියන්ගෙ ලේ ඇගෙ දුවන අද කාලයේ මායාකාරයෝ තමයි මේ අය. අභිරහස්,විජ්ජා කතා බලන්න කැමති අය නම් මේකට ගොඩක් කැමති වෙයි. ඒ වගෙම මේ කතාව ඇතුලෙ ආදර කතාවකුත් ගලාගෙන යනවා.


Programming Languages ගැන ඉගෙනගන්න , කියවන්න. (E -book)

Concepts of Programming Languages 

(8th Edition)     (Robert W. Sebesta)











අඩංගු කරුණු :


  • Evolution of the Major Programming Languages; 

  • Describing Syntax and Semantics; 

  • Lexical and Syntax Analysis; Names, 

  • Binding,

  • Type Checking, and Scopes;

  •  Data Types; Expressions and Assignment Statements; 

  • Statement-Level Control Structure; 

  • Subprograms;

  •  Implementing Subprograms;

  • Abstract Data Types; 

  • Support for Object-Oriented Programming;         

  • Concurrency; 

  • Exception Handling and Event Handling;

  • Functional Programming Languages; 

  • Logic Programming Languages.

                                                         
                                                                    මෙතනින් බාගත කරගන්න









කැම්පස් යාලුවන්ට ලඟ එන maths mid exam එකට පොඩි උදව්වක්

              E-BOOKS  විශේෂාංගය ලබන අවුරුද්දෙ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න හිටියත් අපේ කැම්පස් යාලුවො ගැන හිතලම මම ඒක ඉක්මනින්ම පටන් ගන්න හිතුවා. මොකද ලබන ජනවාරි මාසෙ මුල් සතිවලම තෙවන වසරෙ ගණිතය mid exams පටන්ගන්නවනෙ. ඉතින් ඒකටත් පොඩි උදව්වක් විදියට මම පලමුවන e-book එක ඉදිරිපත් කරනවා.







    මෙම පොත උසස් ගණිත විද්‍යාවෙ වටිනා පොත් ‍රැසක් ඉදිරිපත් කරන Schaum's Outline Series වල Complex Variables දෙවන සංස්කරණයයි.මේ පොත අපේ Complex Analysis විෂය සඳහා අනුමත කර තිබෙනවා.



මෙහි න්‍යායික කරුණු,ගණිත ගැටලු වගේම ඒවාට අදාල පිලිතුරු රාශියක් අන්තර්ගත යි. ඉතින් මේ පොත බාගත කරගෙන හොඳින් අධ්‍යනය කලොත් ඔයාලට විභාගයට ලොකු උදව්වක් වේවි.







                            මෙන්න මෙතනින් පොත බාගත කරගන්න





ඔයාලා හැමෝටම හොඳින් විභාගය  ලියන්න මම සුභ  පතනවා!.







 ඔයාලගෙ අදහස්,යෝජනා තියනවනම් කමෙන්ට් කරන්න. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මං ඔයාලට වැදගත් පොත් ලබා දෙන්නම්.

Autumn in My Heart ටීවි කතා මාලාව (සිංහල උපසි‍රැසි සමග)

Autumn in My Heart (මහද සරා සඳ ඔබයි)  සිංහල උපසි‍රැසි සමග









                               

        ඉතිං කොහොමද කස්ටියටම ,  ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට ම ගොඩක් ඉක්මනින් ම තවත් ලස්සන ටීවි කතා මාලාවක් සිංහල උපසි‍රැසි  සමග ම අරගෙන ආවා.  

             හරි.. දැන් ඉතිං ටීවි කතා මාලාව මොකක්ද කියලා බලමුකෝ...

                             මේක කොරියන්  කතා මාලාවක්. ඒකෙ නම "ඔටම්න් ඉන් මයි හාට්"(මහද සරා සඳ ඔබයි).  කොරියාව කිව්ව්ම ඔයාලා දන්නවනෙ , එයාලාගෙ නිර්මාණ වල අන්තර්ගතය ගොඩක් සද්ද බද්ද තියන ඇක්ෂන් මුවි වලට වඩා සියුම් රංගනයන් වලින් සුන්දර මිනිස් හැගීම් කියාපාන කතා බව. ඒ හින්දම ඒ නිර්මාන ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. ඉතින් මේකත් ඒ වගෙ  ආදරය,විරහව, මාපිය සෙනෙහස ,ජීවිතය ගැන කියා දෙන සංවේදි ලස්සන ආදර කතාවක්. මේක ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන භාෂා කීපයකටම පරිවර්තනය වුන  කතාවක්. ඔයාල මතකද?  ලොකයේ අනිත් රටවල වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උන "පුල් හවුස්" කොරියන් ටීවි කතා මාලවෙ කටකාර හැඩකාර කෙල්ල "හැන් ජි යෙන්". ඒ ප්‍රධාන චරිතයට රඟ පෑ නිලිය "සොන්ග් හයි" මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා.

     මේ ටීවි කතා මාලාව සිංහල උපසි‍රැසිත් එක්කම දෙන හින්දා, කතාව     වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ.        මං මේ කතාව පියවර හතරක දි     සම්පූර්නයෙන්ම   දෙනවා.       මේකෙ සිංහල උපසි‍රැසි හරියට ලෝඩ්    වෙන්නෙ   නැත්නම්   VLC Media Player       අලුත්ම සංස්කරනයක සෙටින්ග්ස් වල Subtitle Language කියන තැනට DL-Paras වගෙ සිංහල ෆොන්ට් එකක් ලෝඩ් කරගෙන නැවත Open කරගන්න.       එහෙම නැත්නම් Splash pro player එකෙන් පහල රූපයෙ විදියට settings හදාගෙන නැවත ඕපන් කරගන්න.  දැන් කිසි ගින්නක් නැතුව වැඩ නේද..



මේකෙ සිංහල සබ් නිකන් ම බාගෙන යන්නැතුව කමෙන්ට් එකක් දාලා යන්න හොඳේ...
       




                           

        player එකක් නැත්නම් මෙන්න මෙතනින් Splash pro player එක ගන්න.

                      මෙන්න මෙතනින් සිංහල ෆොන්ට් එක ගන්න.







    

              පහල ඇති ලින්ක් වලින් වීඩියෝ බාගත කරගන්න




                                                     Episode 1:





Episode 2:

Part 1

Part 2




Episode 3:

Part 1

Part 2








CHUCK ටීවි කතා මාලාව

      


                 මේ මම දෙන්න යන පලමු ටී.වී.කතා මාලාව "CHUCK". මේක ඇමෙරිකානු රහස් ඔත්තු සේවය සමග ගෙතුනු අපූරු කතා මාලාවක්. ඉතින් කතාව ගැන ටිකක් විස්තර කලොත්,
                "චක්" කියන්නෙ බ්ර්බෑන්ක් වල  "බයිමෝ" කියන සුපිරි වෙළඳසලක ඔහුගෙ හොඳම යාලුවා වන "මෝගන්" සමග පරිගණක සේවා ‍රැකියාවක් කරන සාමාන්‍ය තරුණයෙක්. ඔහු බුද්ධිමත් වුනත් අනාගතය  ගැන අවිනිශ්චිත බවින් ඉන්නෙ. ඔහුගෙ එකම සහෝදරිය "එලී" හා ඇයගෙ පෙම්වතා "කැප්ටන් ඕවසම්" වුඩ්කොම්බ්  දෙන්නම වෛද්‍යවරුන්. ඔවුන් චක්ගෙ වෘත්තිමය සහ ආදර ජීවිතය සාර්ථක කරගන්න නිතරම චක් ව ධෛර්යයමත් කරනවා.


         "බ්‍රයිස් ලාකින්" කියන චක්ගෙ කලින් ස්ටැන්ෆර්ඩ් සරසවි කාලෙදි එකට හොස්ට්ල් කාමරයෙ හිටිය යාලුවා දැන් ඇමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරියෙක්(CIA).මේ අතර ඔහු "ඉන්ටසෙක්ට්" නමින් හඳුන්වන CIA සහ NSA එකේ සියලු රහස් තොරතුරු ඇතුලත්  Database එක අඩංගු පරිගනකය විනාශ කර පැනයන අවස්ථාවෙ වෙඩි වැදුන විට ඉන්ටසෙක්ට් එකෙ කොපියක් චක්ට එවනවා. චක් මේ ඊමේල් විවෘත කරාට පස්සෙ එකේ සියලු තොරතුරු චක්ගෙ මොලයෙ කේතගත වෙනවා. මේ අතර "ඉන්ටසෙක්ට්" එක ගැන හොයන්න NSA මේජර් "ජෝන් කේසි" සහ CIA නිලධාරිනි "සාරා වෝකර්" පත් කරනවා.


                  මේ අතර "ඉන්ටසෙක්ට්" එක නිසා චක්ට අමුතු හැකියාවක්  ලැබෙනවා.ඒ කියන්නෙ "ඉන්ටසෙක්ට්" එකෙ ගබඩා වෙල තියන තොරතුරු අනුව කටහඩවල්,මුහුණු හා උපකරන "ෆ්ලෑෂස්" ලෙස දකිමින් අපරාධකරුවන් හදුනාගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගැන දැනගන්නා රහස් ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනා අපරාධ මැඩලීමේ මෙහෙයුම් වලට චක්ව යොදාගනිමින් චක් ව ආරක්ෂා කරගැනීමට තීරනය කරනවා. මේ සඳහා "සාරා" චක්ගෙ පෙම්වතිය ලෙස "බයිමෝ" එක අසලම ආහාර වෙලඳසලක වැඩ කරන අතර  "කේසි" බයිමෝ එකේ සේවකයෙක් ලෙස  වැඩ කරනවා.මේ අතර චක් ඔහුගෙ පවුල සහ යහලුවන් ආරක්ෂා කර ගැනීමට ඔහුගෙ දෙවන ‍රැකියාව රහසක් විදියට තියාගන්න උත්සහ කරනවා.


     මින් පස්සෙ කතාව ගැන මම විස්තර කරන්න  යන්නෙ නෑ. ඔයාලාම බලන්නකො මෙගොල්ලො ඉදිරියට අපරාද වලක්වන්නෙ කොහොමද, චක්ට දිගටම රහස රකින්න පුලුවන් වේයිද , චක් හා සාරා ඇත්තම පෙම්වතුන් වේයිද සහ මෝගන් සහ ඔහුගෙ බයිමෝ යාලුවන්ගෙ පිස්සු වැඩ කොහොමද කියලා.


ඇත්තටම මේක ඔයාලට ත්‍රාසය,හාස්‍යය,ආදරය,කුතුහලය පිරුණු ලස්සන කතාමාලාවක් වේවි කියලා මම හිතනවා. 




CHUCK පළමු කතා මාලාව  බාගත කරගන්න.(mkv 120MB)


        Episode 1       
          Episode 2 
          Episode 3 
          Episode 4 
          Episode 5
          Episode 6 
          Episode 7
          Episode 8 
          Episode 9 
          Episode 10 
          Episode 11 
          Episode 12 
          Episode 13  
                        


දෙවන කතා මාලාව ළගදීම...


Twitter Facebook Digg Stumbleupon Favorites More