The Secret Circle Complete Season 1 (ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව)


    
               වර්ගීකරණය:  Drama / Horror / Fantacy
             
              මම මේ පාර ඔයාලාට දෙන ටීවි කතාව පාදක වෙන්නෙ උපතින්ම අද්භූත හැකියාවන් තියන තරුණ කණ්ඩායමක් වටායි. කොටින්ම කිව්වොත් අර කොස්සෙ නැගලා ගිය මන්තරකාරියන්ගෙ ලේ ඇගෙ දුවන අද කාලයේ මායාකාරයෝ තමයි මේ අය. අභිරහස්,විජ්ජා කතා බලන්න කැමති අය නම් මේකට ගොඩක් කැමති වෙයි. ඒ වගෙම මේ කතාව ඇතුලෙ ආදර කතාවකුත් ගලාගෙන යනවා.





   මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ...

              " දහසය හැවිරිදි කේසි කියන තරුණිය ඇයගේ මවගේ අබිරහස් මරණයෙන් පසුව කැලිෆෝනියවෙන් පිටව වොෂින්ටන් නුවර සිටින අත්තම්මා සමග ජීවත් වීමට යනවා.
එහෙදි එයාට හමු වන තරමක් ගුප්ත එහෙත් කඩවසම් තරුණයෙක් වන ඇඩම්ට ආදරය කරන්න පටන්ගන්නවා. නමුත් ඇය එහෙ ඉහල පාසලකට ඇතුලත්  වුනවිටඇය තේරුම් ගන්නවා ඇඩම් සහ අනෙක් යාලුවො වගෙම තමනුත් මායාකාරයන් බව. මේ මායාකාර යාලුවන්ගෙ කන්ඩායමෙ නායකයා තමාගෙ හොදම යෙහෙලිය ඩයනා බවත් දැනගන්නවා. 

        ඉතින් මේ කන්ඩායමෙ කට්ටියටත් වඩා බලවත් බලයක් තමා සතුවන බවත් පුරාවෘත්තයකට අනුව  අදුරු අද්භූත බලවලින් ලෝකය බේරාගැනීමට හැකි මායාකාරිය තමන් බවත් කේසිට යාලුවන්ගෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් කේසි ඊට පස්සෙ මේ  කන්ඩායමත් සමග එකතුවී අදුරු බලවේග වගෙම මායාකාරයන් දඩයම් කරන අයට විරුද්ධව සටන් කරනවා.  මෙ අතර තමන්ගෙ යෙහෙලිය ඩයනාඇඩම්ගෙ පෙම්වතිය බව කේසි දැනගන්නවා. නමුත් පුරාවෘත්තයට අනුව ලෝකය කේසි ඇඩම්ගෙ පෙම්වතිය විය යුතුබව  පසුව ඩයනා දැනගන්නවා. මේ නිසා ඩයනා මොනවගේ තීරනයක් ගනීදඒක ඇඩම්ගෙ ආදර ජීවිතයට කොහොම බලපායිද ?  කේසිගෙ ප්‍රතිචාරය කොයි වගෙ වේවිදකියල ඔයාලට ලස්සන ආදර පටලැවිල්ලකුත් බලන්න පුලුවන්වේවි.
       
ඉතින් මේ ආදරය කුතුහලය මුසු වූ අබිරහස් කතාවේ  පලමු අදියර ඉංග්‍රීසි උපසි‍රැසි සහිතව  rar  ලෙස සම්පූර්ණයෙන්ම බා ගත කරන්න පහත Direct links ලබා දී තිබෙනවා.
                       

 ඔයාලගෙ අදහස්,යෝජනා පහතින් කමෙන්ට් කරන්න.

0 comments:

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More