Game of Thrones complete




  වර්ගීකරණය:  Adventure, Drama , Fantacy
  imdb rate     :  9.4

   මම බලපු ටීවි සීරියස් වලින් පට්ට එකක් තමයි මේක. imdb rate එකෙන් ම ඔයාලටත් පේනවනෙ මේක කොච්චර සුපිරි ද කියලා. මේ නිසාම මේ කතාව ගොඩක් අය බලලා ඇති. Spartacus බලපු අය නම් අනිවා මෙ කතාව නොබලා ඉන්නෑ. ඒත් නොබලපු අය ඉන්නව නම් මෙන්න පෝස්ට් එක.




     රජවරු 5 දෙනෙක් එක සිංහාසනයකට සටන්වදින අයුරු තමයි මෙහි කතාව වෙන්නේ. නමුත් මෙහි ආදරය , යුද්ධය, ත්‍රාසය, සැම දෙයක්ම එක හා තියෙනවා.

      මේ කතාවට පාදක වෙලා තියෙන්නේ නෙඩ් ස්ටාර්ක් කියන රජු හා ඔහුගේ පවුලත් තවත් රාජධානි 6ක රජ පවුල් 6ක් පාදක කරගෙන. ඔවුන් සියලු දෙනාම පාලනය වන්නේ එක රජකු යටතේයි. නමුත් දඩයමට ගිය අවස්තාවේදී මේ රජතුමා ඌරකුගේ ප්‍රහාරයට ලක්ව දැඩිලෙස රෝගාතුර වී මිය යනවා. එතැන් පටන් තමයි සිංහාසනය සඳහා වන අරගලට ඇර‍ඹෙන්නේ. සිංහාසනය සඳහා වන තරඟය පමණක්ම නෙමෙයි මේ රාජධානි වලට තවත් විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවීමට යන සේයාවකුත් තිබෙනවා. ඒ තමයි වයිට් වෝකර්ස් ලාගේ ගැටලුව. මේ රාජධානි වල සිටි මිනිසුන්ට වයිට් වෝකර්ස් ලා කියන්නේ අවුරුදු දහස් ගණනකට පෙර මිහිමතින් තුරන්ව ගිය තවත් මිත්‍යාවිශ්වාසයක් වැනි දෙයක් පමණයි. නමුත් එක කෙමෙන් කෙමෙන් සත්‍ය බවට පත්වෙනවා. වයිට් වෝකර්ස් ලා කියන්නේ මිනිසුන් කොට්ඨාශයක් නෙමෙයි. සරලවම කිව්වොත් ඔවුන් මිනිසුන්ව ඝාතනය කරන රුදුරු ජීවී කොට්ඨාශක්. ඔවුන් හරියට නොමළ, ඒත් ජීවිතයක් නැති ජීවී කොට්ඨාශයක්. ඒ වගේම මකරු. ඔවුන් එයත් කිසිවකු මීට පෙර දැකනැති මිත්‍යා විශ්වාසයක් ලෙසයි සලකන්නේ. නමුත් එයත් මිත්‍යාවක් පමණක්ම වේද? වයිට් වෝකර්ස් ලාගේ රුදුරු පහරදීම් වලට මේ රාජධානි ගොදුරු වෙයිද? සිංහාසනය සඳහා වූ අරගලය හේතුවෙන් කුමක් සිදුවෙයිද?

  ඔයාලගෙ පහසුවට ධාරිතාවයෙන් අඩු එහෙත් ගුණාත්මක තත්වයෙන් ඉහල torrent link මම පහත ලබා දීල තියනවා.

 
 Direct Links

Season 1 

Season 2

3 comments:

Vikee (TV SERIES LK) said...

ඔයාලා කැමති ටීවි සීරියස් පිලිබඳ ව අප වෙත දැනුම් දෙන්න. ඒවා ලබා දෙන්න අප උත්සාහ කරනවා...

Anonymous said...

File Not Found or Deleted / Disabled due to inactivity or DMCA කියලා එනවනේ

Vikee (TV SERIES LK) said...

ඒ Jumbo file links Delete වෙලා නිසා. ඕන් ඒ නිසා ටොරන්ට් ලින්ක් එකක් දැම්මා!

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More