Sheena Tv Series (complete- ෂීනා-කැලෑ ‍රැජින )

                              ගොඩක් අයගේ ඉල්ලීම පරිදි ඔයාලා බලන්න ගොඩක් කැමති තවත් නියම ටීවි සීරියස් එකක් ඔන්න ආයෙත් දුන්නා. මේක තමයි Sheena (ෂීනා-කැලෑ ‍රැජින).    ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ටාසන් කතාවෙ ටාසන් කැලෑව පිටස්තර අයගෙන් ආරක්ෂා කර ගත්තා වගෙ මේ කතාවෙ ෂීනා කැලෑව ආරක්ෂා කරනවා.
     ඉතිං කතාව ගැන මුල් විස්තරයක් වෙනදා වගෙම දෙන්නංකො, කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා ඔයාලාට දැනගන්න.


              ෂීනා කියන්නෙ කුඩා කාලයේ සිටම කැලයේ හැදුන සුදු ජාතික කෙල්ලක්. ඇය ඉතා කුඩා කාලයෙදි වනජීවි හා පුරාවිද්‍යා ගවේෂකයන් වන තම දෙමව්පියන් සමග අප්‍රිකානු කැලයට එන්නට සිදුවෙනවා. නමුත් කැලයේදි සිදුවන අනතුරකින් ඇයගෙ දෙමව්පියන් මිය යනවා. ඉතිං ඊටපස්සෙ ඇය හැදී වැඩෙන්නෙ කැලෑවෙ ජීවත්වන කලු ජාතික ගෝත්‍රික කණ්ඩායමක් සමග. මේ ගෝත්‍රික කණ්ඩායමගෙ විශ්වාසය, ෂීනාගෙ මේ පැමිණීම අතීත පුරාවෘත්තයකට අනුව සිදුවූවක් බවයි. ෂීනා කියන්නෙ, ඔවුන්ගෙ පරපුරේත් වනයේත් උත්තම ආරක්ෂිකාව බවයි.
      ඉතිං මේ ගෝත්‍රික කණ්ඩායමෙ නායිකාව ෂීනාව හොඳින් ‍රැකබලා ගනිමින් ඇය දන්නා සියලු ගෝත්‍රික මන්ත්‍ර,විජ්ජා ක්‍රම, වනයේ රහස්,සටන් ක්‍රම වගේම ඔවුන්ගෙ පෞරාණික වෙද හෙද කම් කියාදෙනවා. මේවා හොඳින් ඉගෙන ගන්න ෂීනාට අපූරු හැකියාවන් ටිකක් ලැබෙනවා. ඇයට සත්තුත් එක්ක මනසින් කතා කරලා ඔවුන්ව හසුරවන්න පුලුවන්. ගස් වැල් වල එල්ලිලා ගිහින් සටන් කරන්න පුලුවන්. ඉතින් මේ හැකියාවන් වලින් කැලේ විනාශ කරන්න එන අයත් එක්ක  ඇය සටන් කරලා තමන්ගෙ කැලෑව වගෙම ගෝත්‍රයත් රකිනවා.  පෙනුමින් සුන්දර වුණත් කැලෑවට වින කරන අයට නම් ඇයගෙන් කිසිම සමාවක් නෑ. ඔවුන්ව සමූල ඝාතනය කරන්න වුවත් ඇය පසුබට වෙන්නෙ නෑ. හැබැයි ෂීනා ගොඩක් කැමති පිටස්තර පුද්ගලයෙකුත් ඉන්නවා. ඔහු ෂීනාගෙ වැඩවලට උදව් කරන නගරයෙ තරුණයෙක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවකුත් මේ කතාවෙ තියන නිසා මේ කතාව ගොඩක් ලස්සනයි.

      ඉතින් මේ කතාවෙ season 2 ක් තියෙනවා. ඒ දෙකම සම්පූර්ණයෙන් ටොරන්ට් විදියට මම දෙනවා.  ටොරන්ට් දුන්නට ඩිරෙක්ට් ලින්ක් ඕන අයට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද, මම දීල තියන ටොරන්ට් වල එක එක වීඩියෝ වෙන වෙනම පෙන්නන නිසා ඔයාලට එක එක කොටස ඩිරෙක්ට් ලින්ක් වගේ වෙනම බාගන්න පුලුවන්. ටොරන්ට් ගැන එච්චර දන්නැති අය ඒක කරන විදිය පහල ස්ක්‍රීන් ෂොට් වලින් බලාගන්න.



මෙන්න ටොරන්ට් ලින්ක්.


                     Download Sheena season 1 Torrent


                     Download Sheena season 2 Torrent






  1.   මුලින්ම ටොරන්ට් ෆයිල් එක ඕපන් වුනම කියන ටැග් එකේ පහත පරිදි ඔයාලට පෙනෙයි.

                   


2.     දැන් ඔයාලා වීඩියෝ එකෙන් එක බානවනම් ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆයිල් එක විතරක් ඉතුරුකරලා අනෙක් ෆයිල් මත රයිට් ක්ලික් කරලා Don't Download යන්න රූපෙ විදියට ‍තෝරන්න. එතකොට priority ඉස්සරහින් skip කියලා වැටෙයි.ඒවා ඊටපස්සෙ ඩවුන්ලෝඩ් නොවී normal යටතෙ ඇති වීඩියෝව විතරක් ඩවුන්ලෝඩ්  වේවි.

                          
3.   මේ විදියට එකක් ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ skip කරපු ෆයිල් එක අපට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකට පහත රූපෙ විදියට skip කරපු ෆයිල් එකෙ රයිට් ක්ලික් කරලා normal හෝ ‍high තෝරන්න. ඊට පස්සෙ ටොරන්ට් run කරන්න.








                     

      මේ විදියට ඔයාලට සියලුම ෆයිල් කලබල නොවී එකින් එක බාගන්න පුලුවන්. වැඩේ ගොඩ නේද? ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න. 

0 comments:

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More