CHUCK ටීවි කතා මාලාව

      


                 මේ මම දෙන්න යන පලමු ටී.වී.කතා මාලාව "CHUCK". මේක ඇමෙරිකානු රහස් ඔත්තු සේවය සමග ගෙතුනු අපූරු කතා මාලාවක්. ඉතින් කතාව ගැන ටිකක් විස්තර කලොත්,
                "චක්" කියන්නෙ බ්ර්බෑන්ක් වල  "බයිමෝ" කියන සුපිරි වෙළඳසලක ඔහුගෙ හොඳම යාලුවා වන "මෝගන්" සමග පරිගණක සේවා ‍රැකියාවක් කරන සාමාන්‍ය තරුණයෙක්. ඔහු බුද්ධිමත් වුනත් අනාගතය  ගැන අවිනිශ්චිත බවින් ඉන්නෙ. ඔහුගෙ එකම සහෝදරිය "එලී" හා ඇයගෙ පෙම්වතා "කැප්ටන් ඕවසම්" වුඩ්කොම්බ්  දෙන්නම වෛද්‍යවරුන්. ඔවුන් චක්ගෙ වෘත්තිමය සහ ආදර ජීවිතය සාර්ථක කරගන්න නිතරම චක් ව ධෛර්යයමත් කරනවා.


         "බ්‍රයිස් ලාකින්" කියන චක්ගෙ කලින් ස්ටැන්ෆර්ඩ් සරසවි කාලෙදි එකට හොස්ට්ල් කාමරයෙ හිටිය යාලුවා දැන් ඇමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරියෙක්(CIA).මේ අතර ඔහු "ඉන්ටසෙක්ට්" නමින් හඳුන්වන CIA සහ NSA එකේ සියලු රහස් තොරතුරු ඇතුලත්  Database එක අඩංගු පරිගනකය විනාශ කර පැනයන අවස්ථාවෙ වෙඩි වැදුන විට ඉන්ටසෙක්ට් එකෙ කොපියක් චක්ට එවනවා. චක් මේ ඊමේල් විවෘත කරාට පස්සෙ එකේ සියලු තොරතුරු චක්ගෙ මොලයෙ කේතගත වෙනවා. මේ අතර "ඉන්ටසෙක්ට්" එක ගැන හොයන්න NSA මේජර් "ජෝන් කේසි" සහ CIA නිලධාරිනි "සාරා වෝකර්" පත් කරනවා.


                  මේ අතර "ඉන්ටසෙක්ට්" එක නිසා චක්ට අමුතු හැකියාවක්  ලැබෙනවා.ඒ කියන්නෙ "ඉන්ටසෙක්ට්" එකෙ ගබඩා වෙල තියන තොරතුරු අනුව කටහඩවල්,මුහුණු හා උපකරන "ෆ්ලෑෂස්" ලෙස දකිමින් අපරාධකරුවන් හදුනාගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගැන දැනගන්නා රහස් ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනා අපරාධ මැඩලීමේ මෙහෙයුම් වලට චක්ව යොදාගනිමින් චක් ව ආරක්ෂා කරගැනීමට තීරනය කරනවා. මේ සඳහා "සාරා" චක්ගෙ පෙම්වතිය ලෙස "බයිමෝ" එක අසලම ආහාර වෙලඳසලක වැඩ කරන අතර  "කේසි" බයිමෝ එකේ සේවකයෙක් ලෙස  වැඩ කරනවා.මේ අතර චක් ඔහුගෙ පවුල සහ යහලුවන් ආරක්ෂා කර ගැනීමට ඔහුගෙ දෙවන ‍රැකියාව රහසක් විදියට තියාගන්න උත්සහ කරනවා.


     මින් පස්සෙ කතාව ගැන මම විස්තර කරන්න  යන්නෙ නෑ. ඔයාලාම බලන්නකො මෙගොල්ලො ඉදිරියට අපරාද වලක්වන්නෙ කොහොමද, චක්ට දිගටම රහස රකින්න පුලුවන් වේයිද , චක් හා සාරා ඇත්තම පෙම්වතුන් වේයිද සහ මෝගන් සහ ඔහුගෙ බයිමෝ යාලුවන්ගෙ පිස්සු වැඩ කොහොමද කියලා.


ඇත්තටම මේක ඔයාලට ත්‍රාසය,හාස්‍යය,ආදරය,කුතුහලය පිරුණු ලස්සන කතාමාලාවක් වේවි කියලා මම හිතනවා. 




CHUCK පළමු කතා මාලාව  බාගත කරගන්න.(mkv 120MB)


        Episode 1       
          Episode 2 
          Episode 3 
          Episode 4 
          Episode 5
          Episode 6 
          Episode 7
          Episode 8 
          Episode 9 
          Episode 10 
          Episode 11 
          Episode 12 
          Episode 13  
                        


දෙවන කතා මාලාව ළගදීම...


0 comments:

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More