පාඩම් 5 ම එක ඇප් එකෙන් MATHS LAB




  ලඝුගණක, වර්ගජ ප්‍රස්තාර , වර්ගපූරණ සූත්‍රය , හීනවන ශේෂය , මධ්‍යන්‍යය යන ගණිත පාඩම් වලට මීට කලින් මම ඔයාලට දුන්න ඇප් පහේම එකතුවක් තමයි MATHS LAB ඇප් එක.මේ නිසා ඔයාලට තවත් භාවිතය පහසු වේවි. වර්ගජ ප්‍රස්තාර වලට දුන්න QGraph ඇප් එක ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් විතරක් තිබුන නිසා එයට අලුතින් සින්හල මාධ්‍යයත් එකතු කරලා මේ ඇප් එක නිම කරලා තියෙන්නෙ.



මම ඔයාලට දුන්න ගේම් වලටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මේ ඇප් එක තවත් දියුණු කරලා අලුත් පාඩම් එකතු කරලා එකේ අලුත් අප්ඩේට් එකක් ඉදිරියේදි දෙන්න බලා පොරොත්තු වෙනවා. ලගදීම ආයේ පාසලුත් පටන් ගන්න නිසා මෙකෙන් ප්‍රයොජනයක් ඔයාට ගන්න පුලුවන් වෙයි. ඉදිරියේදි මේ ඇප් එක Paid Version එකක් වෙන්නත් පුලුවන්, ඒ නිසා ඉක්මනට ඉන්ස්ට්‍රොල් කරගෙන තියාගන්න. එහෙනම් පහල ලින්ක් එක ක්ලික් කරලා ඇප් එක ඉන්ස්ට්‍රොල් කරගන්නකො ....
https://play.google.com/store/apps/details?id=com.emathsolutions.mathslab

ඝන වස්තු පාඩමට ගේම් එකක් Solids Puzzle


7 - 8 ශ්‍රේණි වල ඉගෙන ගන්න ඝන වස්තු පාඩම හොඳින් මතක තියාගන්න වගේම බුද්ධි වර්ධනය වන ගේම් එකක් තමයි Solids Puzzle .මේ ගේම සරලයි වගේ පෙනුනට දිනන්න ටිකක් වෙලා යයි. සෙල්ලම් කරලාම බලන්නකො.


      පහල ලින්ක් එකෙන් ඉන්ස්ට්‍රොල් කරගන්න. අඩුම කාලයකින් puzzle විසඳපු කෙනා තමයි දක්ෂයා. එක එක ලෙවල් විසඳන්න ඔයාලාට ගිය වෙලාවත් මට කමෙන්ට් කරන්නකො.



      
https://play.google.com/store/apps/details?id=com.wSolidsPuzzle_11302427

ඇප් එකෙන් මධ්‍යන්‍යය සොයමු



                  මේ වතාවෙ ඔයාලට දෙන ඇප් එක තමයි  Mean Calculator.මේ ඇප් එකෙන් පුලුවන් සමූහිත සන්ඛ්‍යාත ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්‍යය මධ්‍ය අගය හා උපකල්පිත මධ්‍යන්‍යය ඇසුරෙන්  ගණනය කරගන්න. ඉතින් 10 - 11 ශ්‍රේණි වල වගෙම සාමාන්‍ය පෙළ විභාගෙට් අනිවාර්යෙන් එන ප්‍රශ්න වලට සූදානම් වන හැමොටම ඒ ප්‍රශ්නවලට පිලිතුරු තනිවම සපයලා ඒවායේ නිවැරදිතාවය තනියම මේ නිවාඩු කාලෙ බලා ගන්න මේ ඇප් එක උදව් වේවි.

 ඔයාලට කරන්න තියෙන්නෙ, පහලින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඇප් එක ඉන්ස්ට්‍රොල් කරගෙන පන්ති ප්‍රාන්තර හා සන්ඛ්‍යාත ලබා දීලා අදාළ බටන් ක්ලික් කරන්න විතරයි.

https://play.google.com/store/apps/details?id=com.emathsolutions.meancalculator


වර්ගපූර්ණ සූත්‍රයට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්


        ගණිතය 11  ශ්‍රේණිය සමීකරණ පාඩමේ වර්ගපූර්ණ සූත්‍රයෙන් වර්ගජ සමීකරණ විසඳීම කොටස ඉතා වැදගත් කොටසක්. ඒ සා.පෙළ විභාගයේ අනිවාර්ය ලකුණු 10 ක ප්‍රශ්නයක් මේ කොටසෙන් ලැබෙන නිසයි.ඉතින් ඒකට උදව්වක් විදියට මම දෙන ඇප් එක තමයි, QFormula.  මේකෙන් ඔයාට පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් වගෙම වර්ගජ සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් පියවර වශයෙන් නිවැරදිව විසඳන ආකාරය බලාගන්න පුලුවන්.



ඔයාට තියෙන්නෙ  ax2 + bx + c=0     සමීකරණයේ a,b,c අගයන් ලබා දීලා SOLVE බට්න් එක දෙපාරක් ඔබන්න විතරයි. මතක ඇතුව දෙපාරක් ,...නිවැරදි අගයන් ගන්නයි එහෙම් කරන්නෙ. ඇප් එක  ඔයාට ප්‍රශ්නෙ දීලා තියෙන දෙන ලද වර්ගමූල අගෙත් පෙන්වලා පියවර විදියට අවසාන උත්තරෙ ලබා දෙයි. රූප වල පෙන්වලා තියන විදියට් වර්ගමූල අගයේ හා අවසාන පිලිතුරේ දශමස්ථාන ගණන සකස් කරලා බටන් එක SOLVE බට්න්දෙපාරක් ඔබලා පිලිතුර ලබාගන්නත් පුලුවන්. නැත්නම් Manual යන්නට ස්විච් එක දාලා පහල දම්පාට කොටුවෙ ඔයා කැමති වර්ගමූල අගයක් දීලා SOLVE බටන් එක දෙපාරක් ඔබලා පිලිතුර ලබාගන්නත් පුලුවන්. එහෙනම් මෙකෙන් වැඩක් ගන්න පහලින් තියන ලින්ක් එක ඔබලා ඉන්ස්ට්‍රොල් කරගන්නකො...!

                   
https://play.google.com/store/apps/details?id=com.emathsolutions.qformula

හීන වන ශේෂය පාඩම ඇප් එකෙන්





11- ශ්‍රේණිය ගණිතය පාඩමක් වන හීන වන ශේෂය යටතේ මාසික වාරිකය හා පොළී අනුපාතිකය ගණනය කර පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ්  ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ.


 සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පිළිතුරු ලබා ගන්න පුලුවන්. පහල ලින්ක් එක ක්ලික් කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.






10-11 ශ්‍රේණි ලඝුගණක පෝන් එකෙන්



 10 - 11 ශ්‍රේණි  ගණිතය ලඝුගණක අභ්‍යාස පිලිතුරු පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ. ගණක යන්ත්‍ර වලින් ලඝුගණක අගයන් ලබා ගැනීමේදි පියවර වශයෙන් .ලබා ගැනීමට අපහසු වුවත්  මේ ඇප් එකෙන් ඔයාලා අභ්‍යාස වල පියවර වශයෙන් පිලිතුරු ලබා ගන්නා ආකාරයෙන්ම පිලිතුරු පියවර ලෙස ලබා ගැනීමේ හැකියාව, විශේෂත්වයක්. මෙහි ලඝුගණක අගයන්, ලඝුගණක  වගුවේ අගයන් වලට ඉතා ආසන්න ලෙස ඉදිරිපත් කරලා තියෙන නිසා ඔබගේ පිලිතුරු ඉතා ආසන්න ලෙස ඇප් එකේ අගයන් සමග ගැලපේ නම් පිලිතුරු වල නිවැරදි තාවය ගැන වටහා ගන්න පුලුවන්. එහෙම පිලිතුරු ආසන්න නැත්නම් ඔබට වැරදුන පියවර පහසුවෙන්ම  සොයාගෙන ලඝුගණක වගුව භාවිතයෙන් පිලිතුරු නිවැරදි කරගැනීමට මේ ඇප් ඔයාට ගොඩක් උදවු කරාවි. තවමත් ගෙදරට වෙලා ඉගෙන ගන්න දූල පුතාලට මේ ඇප් එකෙන්පිලිතුරු තනියම පරීක්ෂා කරගන්න පුලුවන්.
                       



                             ඇප් එක භාවිතා කරන ආකාරය විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නෑ මොකද ඇප් එකෙම  Help  යටතේ දත්ත ඇතුලත් කරන ආකාරය පෙන්වල තියනවා. පහල ප්ලේ ස්ටෝ ලින්ක් එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් නැවත හමුවෙමු.

     

වර්ගජ ප්‍රස්තාර පෝන් එකෙන්ම බලාගන්න QGraph ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක


 ඔයාලාට මම මීට කලින් දීලා තිබුණ වර්ගජ ප්‍රස්තාර ඩෙස්ක්ටොප් වර්ශන් එකේ සරල මොබයිල් වර්ශන් එක තමයි අද මං ලබාදෙන්නෙ. මේ නිසා පරිගණකයක් නැති අයටත් පහසුවෙන් භාවිතාකරන්න පුලුවන් නිසා ඩෙස්ක්ටොප් වර්ශන් එකට වඩා ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි. මේ ඇප් එකෙන් වෙන දේ වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ මං,ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වැඩි විස්තරයක් තියන නිසා. ඒත් ඉංග්‍රීසි මාධ්‍ය  අයටත් භාවිතා කරන්න පුලුවන් විදියට මං ඉංග්‍රීසියෙන් ඇප් එක නිමකරලා තියෙන නිසා මේකෙ භාවිතා වන වචන ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම්.




              
මුලින්ම ඔයාලා අඳින වර්ගජ ප්‍රස්තාරෙ සමීකරණයෙ a ,b, c අගයන් ඇතුලත් කරලා Analyze බටන් එක ක්ලික් කලාම එන වචනවල තේරුම මේ වගෙ.


 Roots                                               
සමීකරණයේ මූල   / y =0 වන   හි අගයන්

 Maximum Shape                             
 උපරිම හැඩය

 Minimum Shape                              
 අවම  හැඩය

 Maximum Value                               
උපරිම අගය

Minimum Value                                
අවම  අගය

Maximum Point                                
උපරිම ලක්ෂ්‍යය / වර්තන ලක්ෂ්‍යය

 Minimum Point                                 
අවම  ලක්ෂ්‍යය /  වර්තන ලක්ෂ්‍යය

  Equation of Symmetric axis              
සමමිතික අක්ෂයේ සමීකරණය

 Range of x which function is Negative
ශ්‍රිතය රින වන හි අගය පරාසය

 Range of x which function is Positive
ශ්‍රිතය ධන වන x හි අගය පරාසය

  Range of Positively decreasing          
 ශ්‍රිතය ධනව අඩු වන x හි අගය පරාසය

  Range of Negatively decreasing         
ශ්‍රිතය රිනව අඩු වන x හි අගය පරාසය

 Range of Negatively increasing          
ශ්‍රිතය රිනව වැඩි වන x හි අගය පරාසය

 Range of Positively increasing           
ශ්‍රිතය ධනව වැඩි වන x හි අගය පරාසය



          
                මේ කරුණු 10, 11 වසරවල ප්‍රස්තාර පාඩමේ අභ්‍යාසවල වගේම සාමාන්‍ය පෙල ගණිත ප්‍රශ්න පත්‍රයෙත් අනිවාර්යෙන් අහන කරුණු නෙ. ඉතින් සිසු දරුවන්ට ඇඳපු ප්‍රස්තාරෙ පිලිතුරු පරීක්ෂා කරන්න වගේම ගුරුවරුන්ටත් මේ ඇප් එක ප්‍රයොජනවත් වේවි. පහල ගූග්ල් ප්ලේ ලින්ක් එක ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු.

https://play.google.com/store/apps/details?id=com.emathsolutions.qgraph

ඔන්ලයින් ගණිත ක්‍රීඩා (multiplayer) Android App




   නිවාඩු කාලෙ ගෙදර ඉන්න ගමන් පෝන් එකෙන් ගේම් සෙල්ලම් කරලා  ගණිත පාඩම් ගොඩක් හොදට ආසාවෙන් මතක තියාගන්න අවස්ථාවක් තමයි මේ දෙන්න හදන්නෙ. එවගෙම  හැමොටම ගණිතයේදි වැදගත් වන චක්කරෙත්  මෙකෙන් නිකන්ම මතක හිටියි.
                කරන්න තියෙන්නෙ මම පහල දීලා තියෙන ලින්ක් වලින්  ඩවුන්ලෝඩ් කරගෙන ක්ලික් කරලා ඇප් එක install කරගෙන ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා (ඩේටා ඔන් කර) සෙල්ලම් කරන්නයි.මේක මල්ටි ප්ලේයර් විදියටත් තියෙන නිසා කොරොනා වලින් ආරක්ෂා වෙලා ගෙදරටම වෙලා යාලුවොත් එක්ක ඉන්ටර්නෙට් සම්බන්ද වෙලා ගේම් එක සෙල්ලම් කරන්න පුලුවන්.කොහොමත් ගේම් එක සෙල්ලම් කරන කොට ලංකාවෙ නැත්නම් පිටරට අය මේකට ඉබේම සම්බන්ද වෙනවා.එහෙනම් ගේම් එක සෙල්ලම් කරල ඔයාලා සතුට වගෙම දැනුම ගන්න....!

     Download Now
                             eMath Games.apk (For small screens like huawei Y3)
                             Second Link

                             eMath Games.apk (For Large screens like Nokia 5 or high)
                             Second Link

O/L වර්ගජ ප්‍රස්තාර ඉගෙන ගන්න සිංහල මෘදුකාංගයක්

මං අද මේ ලබා දෙන මෘදුකාංගය සාමාන්‍ය පෙළ ලියන සිසු දරුවන්ටත් ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ටත් ගොඩක් වැදගත් වන  මෘදුකාංගයක්.   ඒ මොකද කියනව නම් මේ  මෘදුකාංගය මගින් සරලව පහසුවෙන් උගන්වන වර්ගජ ප්‍රස්තාර පාඩම 10-11 ශ්‍රේණි වල ගණිත පෙළ පොතේ අඩංගු වගේම සාමාන්‍ය පෙළ  ගණිතය ප්‍රශ්න පත්‍රයෙත් 2 කොටසෙ තනි ප්‍රශ්නයක් ලෙස අනිවාර්යයෙන් විමසන ලකුණු 10 ක ප්‍රශ්නයක්. මා පාසල් අධ්‍යාපන මෘදුකාංග තරගාවලියක් සදහා  නිර්මාණය කළ  මේ මෘදුකාංගය නොමිලේම ඔබට ඩවුන්ලෝඩ් කර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කරගන්න වගේම වර්ගජ ප්‍රස්තාර ඉගෙනගන්න කැමති උගන්වන හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.
                              අද අධ්‍යාපනෙත් වාණිජකරණය වෙලා තියෙන නිසා වගේම නව තාක්ෂණයත් එක්ක පහසුවෙන් සිත්ගන්නා ලෙස විවිධ විෂය කරුණු ස්වයං අධ්‍යයනය සදහා අධ්‍යාපන මෘදුකාංග නිර්මාණය වෙලා තියෙනවා වගේම වෙළදපොලේ මිලදී ගන්න තියෙනවා. නමුත් ඒවායේ මිල ගණන් එක්ක බලද්දිත් ප්‍රස්තාර වැනි ප්‍රායෝගික පැත්තට බර විෂයකට සෑහීමට පත්වෙන නිර්මාණයක් ඉදිරිපත් වී නැති යන හැගීම නිසාත් මේ නිර්මානයෙන් ඒ අභියෝගෙ ජයගන්නත්  පාසල් දරුවන්ට වගෙම ගුරුවරුන්ටත් මෙයින් ප්‍රයෝජනයක් ලබාගන්න උදවුවක් ලැබේවි යන්න පැතුමයි!...
 පහතින් මෙ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයට install (ස්ථාපනය) කරගන්න ආකාරය වගෙම භාවිත කරන ආකාරය විස්තර කරලා තියනවා.



       මෙතනින් මුලින්ම  මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න    
 

 install කර ගන්නෙ මෙහෙමයි

              1.මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත GV graph analyzer.rar ෆයිල් එක winrar වගේ software එකකින් Extract කරන්න.

          2. ඊට පස්සෙ Extract වුන GV graph analyzer නමින් ඇති folder එක තුල ඇති Setup කියන file එක double click කරන්න.
                                   එතකොට පහත ආකාරයේ window එකක් ලැබේවි.




3.දැන් ඔයාගෙ පරිගණකයෙ install කරන තැන වෙනස්කරනවා නම් change directory කියන බටන් එක click කරලා සුදුසු තැනක් තෝරලා දෙන්න. නැත්නම් මුකුත් වෙනස් නොකරන්න. ඊට පස්සෙ ඉහත රූපෙ පෙනෙන Computer එකක් පෙන්වන බටන් එක පාරක් ක්ලික් කරන්න.එතකොට install වෙයි.

(.පහත වගේ්message එකක් ආවොත් OK බටන් එක ඔබලා දැනට open වෙලා තියන windows හා application close කරලා මුල ඉදලා Setup එක run කරන්න. ,)
4. ඊට පස්සෙ එන window වලින් Yes , No නම් Yes බටන් එක click කරන්න. Retry  , ignore නම් ignore බටන් එක click කරන්න

5. දැන් software එක පරිගණකයේ install වෙලා ඉවරයි.

6.දැන් පරිගණකයේ desktop එක කෙලවරේ start button එක click කළාම ලැබෙන menu එකෙ GV graph analyzer කියලා පෙන්නයි. 
එහෙම නැත්නම් install කරන්න තෝරපු  තැන ඇති.

7.දැන් ⁣software එක open කරගත්තම මං මේ ලිපිය මුලින්ම පෙන්නලා තියන photo එක  වගේ window එකක් ඔයාට ලැබෙයි.

8. ඒ window එකේ කොළ හා රතු button වල කිසිවක් සදහන් නැත්නම් ඒ කියන්නෙ මෘදුකාංගයට අවශ්‍ය සිංහල අකුරු පරිගණකයේ install වෙලා නැති බවයි.

9.එහෙම නම් කරන්න තියෙන්නෙ පහත පියවර වල් ටික කරන්නයි.ඒ පියවරවල් පහත වීඩියෝ එකෙන් ඉස්සෙල්ලම බලලා ඉන්නකො..


 

⁣* මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට මුලින්ම අර ඔයා download කරගෙන  extract කරගත්ත GV graph analyzer folder එකේ තියන support කියන folder එක දෙපාරක් ක්ලික් කරන්න.

*එ්ක open වුනාම ඇති DL-Paras.ttf, iskpota.ttf, iskpotab.ttf කියලා ttf ෆොන්ට් ෆයිල් 3ක්.ඒවා වෙනම වෙනම දෙපාරක්  ක්ලික් කරලා install button එක ඔබලා වෙනම වෙනම install කරගන්න.

* දැනටමත් ඒ නම් වලින් font ඔයාගෙ  පරිගණකයේ තියේ නම් replace කරන්නද කියලා අහලා message window එකකින් අහයි.එතකොට yes බටන් එක ඔබන්න.
* තව ක්‍රමයක් තමයි අර .ttf ෆයිල් තුනම copy කරලා control panel එකේ තියන Fonts ෆෝල්ඩර් double click කරලා ලැ⁣බෙන තැනට paste කිරීම.replace කරන්නද අහලා message එකක් ආවොත් yes බටන් එක ඔබන්න.

* දැන් install කරන වැඩේ හරි.පරිගණකය restart කරන්න.ඊට පස්සෙ මෘදුකාංගය open කළාම කොළ රතු බටන් වල 'ඉවත්වන්න,ඉදිරියට යන්න' වගේ සිංහල විධානයන් පෙන්වයි.දැන් තියෙන්නෙ මෘදුකාංගය භාවිතා කරලා දැනුම ලබා⁣ගැනීමයි.ඔයාලගෙ වඩාත් පහසුවට හාවිතා කරන විදිහ ගැනත් විස්තර කරන්නම්කො.. 

මෘදුකාංගය භාවිතා කරන ආකාරය..

1. මුලින්ම කියන්න ඕන ඔයාට අවශ්‍ය වෙලාවෙදි මෘදුකාංගයෙන් ඉවත් වෙන්න ඕනෙ නම් window එකේ උඩ කෙළවරේ තියන close බටන් එක click කරන්න එපා. එහෙම වුනොත්  ,program එක හිරවෙන්න පුළුවන්. close නොකර ඒ වෙනුවට  "ඉවත්වෙන්න" exit කියන රතු බටන් ඔබන්න.

 

2. පිටු ඉදිරියට පිටුපසට යවන්න ඊ හිස් තියන පහත සලකුණු ඔබන්න පුළුවන්.


3. ඒ වගෙම පාඩම් මාලාව ඇතුලත් මුල් පිටුවට ඕනෑම වෙලාවක යන්න ඕනෙ  නම් පහත තියන බටන් එක ඔබන්න.







4. මෙම මෘදුකාංගයේ එක් එක් පිටුව සිංහල හඩින් පාඩම් කොටස් විස්තර කරනවා.නමුත් මෙම මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නෙ visual basic 6 වැනි visual studio වල ටිකක් මුලික සංස්කරණයකින් නිසා යම් යම් සීමාවන්ට යටත්ව අඩු quality sound එකක් තමා ඇතුල් කරලා තියෙන්න.ඒ නිසා computer එකෙ sound එක ⁣ටිකක් වැඩි කරලා අහන්න.
එහෙම නැත්නම් sound එක mute කරලා sound නැතිව නැතිව වුනත් පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් විදිහට පාඩම් සකස් කරලා තියෙනවා.
ගුරුවරයෙකුට නම් පාසලේ හෝ පන්තියේ තියන සියලුම පරිගණකවලට මේ මෘදුකාංගය
Install කරලා sound එක mute කරලා sound නැතිව තමුන්ගේ ක්‍රමයට projector එකකින් පාඩම් උගන්වන්න පුළුවන්.ඒ සමගම මෘදුකාංගයේ දීඇති අභ්‍යාස ළමයින්ට කරන්න දීලා එවෙලෙම පිලිතුරු පරීක්ෂා කරගන්නත් හැකියාව මෘදුකාංගය දීලා තියන නිසා සිසුන්ට ඒක සාම්ප්‍රදායික පුස්ථාර පාඩමකට වඩා රසවත් බවක් මෙන්ම හොද අවබෝධයක් ලැබෙයි.ඒ වගේම ගුරුවරයාටත් පාඩම ඉගැන්වීමට ඒක පහසුවක්.
 පහත තියෙන්නෙ ඒ වගේ විස්තරාත්මකව තියෙන පාඩම් කීපයක screenshots.





5. දැන් මේ මං කියන්න යන්නෙ මේ මෘදුකාංගයේ තියන අනෙකුත් පුස්තාර උගන්වන අධ්‍යාපනික මෘදුකාංග වල නැති සුවිශේෂී ⁣ප්‍රස්ථාර පාඩමට මෘදුකාංගයක් ඉතාමත්  ප්‍රයෝජනවත් බව හා අත්‍යවශ්‍ය බව හගවන නිර්මාණයකටයි. ඒක තමයි විශ්ලේෂක අතුරු මුහුණත.පහත පෙන්වන්නෙ එහි රූපයක්.


මෙම විශ්ලේෂක අතුරු මුහුණත y = ax2 + bx +c ආකාරයේ  ඕනෑම පුස්ථාරයක් ඇඳ එහි ලක්ෂණ රාශියක් ස්වයංක්‍රීයව ගණනය කර ප්‍රතිඵල ක්ෂණික ව  ලබාදීමට සමත්ය.ඔබ ඇතුලත් කළ යුත්තේ y = ax2 + bx +c  යන වර්ගජ ප්‍රස්තාරයේ සමීකරණයේ a,b,c සංගුණක පමණකි.ඉන්පසු "ප්‍රස්ථාරය අඳින්න" යන button එක ක්ලික් කළ විගස එම ප්‍රස්ථාරයට අදාළ බො⁣හෝ කරුණු පහතින් දිස්වෙයි.
  
උදාහරණයක් ලෙස y = 4x2 + 2x +1  යන ශ්රිහතයේ ප්රේස්ථාරයේ a=4 b=2 c=1 ලෙස ඇතුලත් කළ විට ලැබෙන ප්රතිඵල ඉහත රූපයේ දැක්වේ.

මෙහි ඇති ප්‍රයෝජනය ප්‍රස්ථාර ගැන දන්නා අය හොඳින් දන්නා කරුණකි.මෙ⁣හි දී යම් ශිුතයකට අදාළව ප්‍රස්ථාරයක් ඇඳ අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු සපයා ඒවායේ නිවැරදිතාවය ක්ෂණිකව විශ්වාසයෙන් ලබා ගත හැක. මේ නිසා ප්‍රස්ථාර ඉගෙන ගන්නා අයට අභ්‍යාස පොතක ගණන් කීපයකට සීමා නොවී  තමන්ම ගොඩ නගා ගත් වර්ගජ ශ්‍රිත රාශියකට පුස්ථාර ඇඳ ඒවායේ  නිවැරදිතාවය තමන් විසින් ම පරීක්ෂා කර වර්ගජ පුස්ථාර පිළිබද දැනුමක් අවබෝධයක් තනිවම ලබා ගත හැක.මෙය සාමාන්‍ය පෙල සිසුන් සදහා ලොකු අත්වැලක් වේවි.
ඒ වගේ ම සිසුන් කළ අභ්‍යාස ප්‍රශ්නපත්‍ර වල නිවැරදිතාව ක්ෂණිකව පරීක්ෂා කිරීමට ගුරුවරුන්ටත් ලොකු පහසුවක් වේවි.

මෙම මෘදුකාංගයේ දී ඇති අභ්‍යාස වල පිළිතුරු පරීක්ෂා කිරීමටත් මෙම විශ්ලේෂකය භාවිතා කරන්න පුළුවන්.

මම මේ මෘදුකාංග තවදුරටත් වැඩිදියුණු කරලා නිර්මාණය කරලා ගණිත විෂය හදාරන අයටත් උගන්වන අයටත් අත්වැලක් ලබා දෙන්න බලා පොරොත්තු වෙනවා. ඔ⁣බට ජයෙන් ජය...!

මෘදුකාංගය පිලිබද ගැටලුවක් හරි ඔබේ අදහස් යෝජනා තියෙනව  නම් හරි පහතින් කමෙන්ට් කරන්න









Nikita 2012 Season 3 Ep 7 Update





                                                                    Download Link
                                      
                                                   

Nikita 2012 Season 3 Ep 6 (Direct download)




                                                                    Download Link
                                      
                                                   

Twitter Facebook Digg Stumbleupon Favorites More