O/L වර්ගජ ප්‍රස්තාර ඉගෙන ගන්න සිංහල මෘදුකාංගයක්

මං අද මේ ලබා දෙන මෘදුකාංගය සාමාන්‍ය පෙළ ලියන සිසු දරුවන්ටත් ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ටත් ගොඩක් වැදගත් වන  මෘදුකාංගයක්.   ඒ මොකද කියනව නම් මේ  මෘදුකාංගය මගින් සරලව පහසුවෙන් උගන්වන වර්ගජ ප්‍රස්තාර පාඩම 10-11 ශ්‍රේණි වල ගණිත පෙළ පොතේ අඩංගු වගේම සාමාන්‍ය පෙළ  ගණිතය ප්‍රශ්න පත්‍රයෙත් 2 කොටසෙ තනි ප්‍රශ්නයක් ලෙස අනිවාර්යයෙන් විමසන ලකුණු 10 ක ප්‍රශ්නයක්. මා පාසල් අධ්‍යාපන මෘදුකාංග තරගාවලියක් සදහා  නිර්මාණය කළ  මේ මෘදුකාංගය නොමිලේම ඔබට ඩවුන්ලෝඩ් කර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කරගන්න වගේම වර්ගජ ප්‍රස්තාර ඉගෙනගන්න කැමති උගන්වන හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.
                              අද අධ්‍යාපනෙත් වාණිජකරණය වෙලා තියෙන නිසා වගේම නව තාක්ෂණයත් එක්ක පහසුවෙන් සිත්ගන්නා ලෙස විවිධ විෂය කරුණු ස්වයං අධ්‍යයනය සදහා අධ්‍යාපන මෘදුකාංග නිර්මාණය වෙලා තියෙනවා වගේම වෙළදපොලේ මිලදී ගන්න තියෙනවා. නමුත් ඒවායේ මිල ගණන් එක්ක බලද්දිත් ප්‍රස්තාර වැනි ප්‍රායෝගික පැත්තට බර විෂයකට සෑහීමට පත්වෙන නිර්මාණයක් ඉදිරිපත් වී නැති යන හැගීම නිසාත් මේ නිර්මානයෙන් ඒ අභියෝගෙ ජයගන්නත්  පාසල් දරුවන්ට වගෙම ගුරුවරුන්ටත් මෙයින් ප්‍රයෝජනයක් ලබාගන්න උදවුවක් ලැබේවි යන්න පැතුමයි!...
 පහතින් මෙ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයට install (ස්ථාපනය) කරගන්න ආකාරය වගෙම භාවිත කරන ආකාරය විස්තර කරලා තියනවා.



       මෙතනින් මුලින්ම  මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න    
 

 install කර ගන්නෙ මෙහෙමයි

              1.මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත GV graph analyzer.rar ෆයිල් එක winrar වගේ software එකකින් Extract කරන්න.

          2. ඊට පස්සෙ Extract වුන GV graph analyzer නමින් ඇති folder එක තුල ඇති Setup කියන file එක double click කරන්න.
                                   එතකොට පහත ආකාරයේ window එකක් ලැබේවි.




3.දැන් ඔයාගෙ පරිගණකයෙ install කරන තැන වෙනස්කරනවා නම් change directory කියන බටන් එක click කරලා සුදුසු තැනක් තෝරලා දෙන්න. නැත්නම් මුකුත් වෙනස් නොකරන්න. ඊට පස්සෙ ඉහත රූපෙ පෙනෙන Computer එකක් පෙන්වන බටන් එක පාරක් ක්ලික් කරන්න.එතකොට install වෙයි.

(.පහත වගේ්message එකක් ආවොත් OK බටන් එක ඔබලා දැනට open වෙලා තියන windows හා application close කරලා මුල ඉදලා Setup එක run කරන්න. ,)
4. ඊට පස්සෙ එන window වලින් Yes , No නම් Yes බටන් එක click කරන්න. Retry  , ignore නම් ignore බටන් එක click කරන්න

5. දැන් software එක පරිගණකයේ install වෙලා ඉවරයි.

6.දැන් පරිගණකයේ desktop එක කෙලවරේ start button එක click කළාම ලැබෙන menu එකෙ GV graph analyzer කියලා පෙන්නයි. 
එහෙම නැත්නම් install කරන්න තෝරපු  තැන ඇති.

7.දැන් ⁣software එක open කරගත්තම මං මේ ලිපිය මුලින්ම පෙන්නලා තියන photo එක  වගේ window එකක් ඔයාට ලැබෙයි.

8. ඒ window එකේ කොළ හා රතු button වල කිසිවක් සදහන් නැත්නම් ඒ කියන්නෙ මෘදුකාංගයට අවශ්‍ය සිංහල අකුරු පරිගණකයේ install වෙලා නැති බවයි.

9.එහෙම නම් කරන්න තියෙන්නෙ පහත පියවර වල් ටික කරන්නයි.ඒ පියවරවල් පහත වීඩියෝ එකෙන් ඉස්සෙල්ලම බලලා ඉන්නකො..


 

⁣* මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට මුලින්ම අර ඔයා download කරගෙන  extract කරගත්ත GV graph analyzer folder එකේ තියන support කියන folder එක දෙපාරක් ක්ලික් කරන්න.

*එ්ක open වුනාම ඇති DL-Paras.ttf, iskpota.ttf, iskpotab.ttf කියලා ttf ෆොන්ට් ෆයිල් 3ක්.ඒවා වෙනම වෙනම දෙපාරක්  ක්ලික් කරලා install button එක ඔබලා වෙනම වෙනම install කරගන්න.

* දැනටමත් ඒ නම් වලින් font ඔයාගෙ  පරිගණකයේ තියේ නම් replace කරන්නද කියලා අහලා message window එකකින් අහයි.එතකොට yes බටන් එක ඔබන්න.
* තව ක්‍රමයක් තමයි අර .ttf ෆයිල් තුනම copy කරලා control panel එකේ තියන Fonts ෆෝල්ඩර් double click කරලා ලැ⁣බෙන තැනට paste කිරීම.replace කරන්නද අහලා message එකක් ආවොත් yes බටන් එක ඔබන්න.

* දැන් install කරන වැඩේ හරි.පරිගණකය restart කරන්න.ඊට පස්සෙ මෘදුකාංගය open කළාම කොළ රතු බටන් වල 'ඉවත්වන්න,ඉදිරියට යන්න' වගේ සිංහල විධානයන් පෙන්වයි.දැන් තියෙන්නෙ මෘදුකාංගය භාවිතා කරලා දැනුම ලබා⁣ගැනීමයි.ඔයාලගෙ වඩාත් පහසුවට හාවිතා කරන විදිහ ගැනත් විස්තර කරන්නම්කො.. 

මෘදුකාංගය භාවිතා කරන ආකාරය..

1. මුලින්ම කියන්න ඕන ඔයාට අවශ්‍ය වෙලාවෙදි මෘදුකාංගයෙන් ඉවත් වෙන්න ඕනෙ නම් window එකේ උඩ කෙළවරේ තියන close බටන් එක click කරන්න එපා. එහෙම වුනොත්  ,program එක හිරවෙන්න පුළුවන්. close නොකර ඒ වෙනුවට  "ඉවත්වෙන්න" exit කියන රතු බටන් ඔබන්න.

 

2. පිටු ඉදිරියට පිටුපසට යවන්න ඊ හිස් තියන පහත සලකුණු ඔබන්න පුළුවන්.


3. ඒ වගෙම පාඩම් මාලාව ඇතුලත් මුල් පිටුවට ඕනෑම වෙලාවක යන්න ඕනෙ  නම් පහත තියන බටන් එක ඔබන්න.







4. මෙම මෘදුකාංගයේ එක් එක් පිටුව සිංහල හඩින් පාඩම් කොටස් විස්තර කරනවා.නමුත් මෙම මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නෙ visual basic 6 වැනි visual studio වල ටිකක් මුලික සංස්කරණයකින් නිසා යම් යම් සීමාවන්ට යටත්ව අඩු quality sound එකක් තමා ඇතුල් කරලා තියෙන්න.ඒ නිසා computer එකෙ sound එක ⁣ටිකක් වැඩි කරලා අහන්න.
එහෙම නැත්නම් sound එක mute කරලා sound නැතිව නැතිව වුනත් පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් විදිහට පාඩම් සකස් කරලා තියෙනවා.
ගුරුවරයෙකුට නම් පාසලේ හෝ පන්තියේ තියන සියලුම පරිගණකවලට මේ මෘදුකාංගය
Install කරලා sound එක mute කරලා sound නැතිව තමුන්ගේ ක්‍රමයට projector එකකින් පාඩම් උගන්වන්න පුළුවන්.ඒ සමගම මෘදුකාංගයේ දීඇති අභ්‍යාස ළමයින්ට කරන්න දීලා එවෙලෙම පිලිතුරු පරීක්ෂා කරගන්නත් හැකියාව මෘදුකාංගය දීලා තියන නිසා සිසුන්ට ඒක සාම්ප්‍රදායික පුස්ථාර පාඩමකට වඩා රසවත් බවක් මෙන්ම හොද අවබෝධයක් ලැබෙයි.ඒ වගේම ගුරුවරයාටත් පාඩම ඉගැන්වීමට ඒක පහසුවක්.
 පහත තියෙන්නෙ ඒ වගේ විස්තරාත්මකව තියෙන පාඩම් කීපයක screenshots.





5. දැන් මේ මං කියන්න යන්නෙ මේ මෘදුකාංගයේ තියන අනෙකුත් පුස්තාර උගන්වන අධ්‍යාපනික මෘදුකාංග වල නැති සුවිශේෂී ⁣ප්‍රස්ථාර පාඩමට මෘදුකාංගයක් ඉතාමත්  ප්‍රයෝජනවත් බව හා අත්‍යවශ්‍ය බව හගවන නිර්මාණයකටයි. ඒක තමයි විශ්ලේෂක අතුරු මුහුණත.පහත පෙන්වන්නෙ එහි රූපයක්.


මෙම විශ්ලේෂක අතුරු මුහුණත y = ax2 + bx +c ආකාරයේ  ඕනෑම පුස්ථාරයක් ඇඳ එහි ලක්ෂණ රාශියක් ස්වයංක්‍රීයව ගණනය කර ප්‍රතිඵල ක්ෂණික ව  ලබාදීමට සමත්ය.ඔබ ඇතුලත් කළ යුත්තේ y = ax2 + bx +c  යන වර්ගජ ප්‍රස්තාරයේ සමීකරණයේ a,b,c සංගුණක පමණකි.ඉන්පසු "ප්‍රස්ථාරය අඳින්න" යන button එක ක්ලික් කළ විගස එම ප්‍රස්ථාරයට අදාළ බො⁣හෝ කරුණු පහතින් දිස්වෙයි.
  
උදාහරණයක් ලෙස y = 4x2 + 2x +1  යන ශ්රිහතයේ ප්රේස්ථාරයේ a=4 b=2 c=1 ලෙස ඇතුලත් කළ විට ලැබෙන ප්රතිඵල ඉහත රූපයේ දැක්වේ.

මෙහි ඇති ප්‍රයෝජනය ප්‍රස්ථාර ගැන දන්නා අය හොඳින් දන්නා කරුණකි.මෙ⁣හි දී යම් ශිුතයකට අදාළව ප්‍රස්ථාරයක් ඇඳ අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු සපයා ඒවායේ නිවැරදිතාවය ක්ෂණිකව විශ්වාසයෙන් ලබා ගත හැක. මේ නිසා ප්‍රස්ථාර ඉගෙන ගන්නා අයට අභ්‍යාස පොතක ගණන් කීපයකට සීමා නොවී  තමන්ම ගොඩ නගා ගත් වර්ගජ ශ්‍රිත රාශියකට පුස්ථාර ඇඳ ඒවායේ  නිවැරදිතාවය තමන් විසින් ම පරීක්ෂා කර වර්ගජ පුස්ථාර පිළිබද දැනුමක් අවබෝධයක් තනිවම ලබා ගත හැක.මෙය සාමාන්‍ය පෙල සිසුන් සදහා ලොකු අත්වැලක් වේවි.
ඒ වගේ ම සිසුන් කළ අභ්‍යාස ප්‍රශ්නපත්‍ර වල නිවැරදිතාව ක්ෂණිකව පරීක්ෂා කිරීමට ගුරුවරුන්ටත් ලොකු පහසුවක් වේවි.

මෙම මෘදුකාංගයේ දී ඇති අභ්‍යාස වල පිළිතුරු පරීක්ෂා කිරීමටත් මෙම විශ්ලේෂකය භාවිතා කරන්න පුළුවන්.

මම මේ මෘදුකාංග තවදුරටත් වැඩිදියුණු කරලා නිර්මාණය කරලා ගණිත විෂය හදාරන අයටත් උගන්වන අයටත් අත්වැලක් ලබා දෙන්න බලා පොරොත්තු වෙනවා. ඔ⁣බට ජයෙන් ජය...!

මෘදුකාංගය පිලිබද ගැටලුවක් හරි ඔබේ අදහස් යෝජනා තියෙනව  නම් හරි පහතින් කමෙන්ට් කරන්න









Twitter Facebook Digg Stumbleupon Favorites More