කැම්පස් යාලුවන්ට ලඟ එන maths mid exam එකට පොඩි උදව්වක්

              E-BOOKS  විශේෂාංගය ලබන අවුරුද්දෙ බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න හිටියත් අපේ කැම්පස් යාලුවො ගැන හිතලම මම ඒක ඉක්මනින්ම පටන් ගන්න හිතුවා. මොකද ලබන ජනවාරි මාසෙ මුල් සතිවලම තෙවන වසරෙ ගණිතය mid exams පටන්ගන්නවනෙ. ඉතින් ඒකටත් පොඩි උදව්වක් විදියට මම පලමුවන e-book එක ඉදිරිපත් කරනවා.







    මෙම පොත උසස් ගණිත විද්‍යාවෙ වටිනා පොත් ‍රැසක් ඉදිරිපත් කරන Schaum's Outline Series වල Complex Variables දෙවන සංස්කරණයයි.මේ පොත අපේ Complex Analysis විෂය සඳහා අනුමත කර තිබෙනවා.



මෙහි න්‍යායික කරුණු,ගණිත ගැටලු වගේම ඒවාට අදාල පිලිතුරු රාශියක් අන්තර්ගත යි. ඉතින් මේ පොත බාගත කරගෙන හොඳින් අධ්‍යනය කලොත් ඔයාලට විභාගයට ලොකු උදව්වක් වේවි.







                            මෙන්න මෙතනින් පොත බාගත කරගන්න





ඔයාලා හැමෝටම හොඳින් විභාගය  ලියන්න මම සුභ  පතනවා!.







 ඔයාලගෙ අදහස්,යෝජනා තියනවනම් කමෙන්ට් කරන්න. ඔයාලගෙ ප්‍රතිචාර අනුව මං ඔයාලට වැදගත් පොත් ලබා දෙන්නම්.

Autumn in My Heart ටීවි කතා මාලාව (සිංහල උපසි‍රැසි සමග)

Autumn in My Heart (මහද සරා සඳ ඔබයි)  සිංහල උපසි‍රැසි සමග









                               

        ඉතිං කොහොමද කස්ටියටම ,  ඔන්න මම ඔයාලට පොරොන්දු වුන විදියට ම ගොඩක් ඉක්මනින් ම තවත් ලස්සන ටීවි කතා මාලාවක් සිංහල උපසි‍රැසි  සමග ම අරගෙන ආවා.  

             හරි.. දැන් ඉතිං ටීවි කතා මාලාව මොකක්ද කියලා බලමුකෝ...

                             මේක කොරියන්  කතා මාලාවක්. ඒකෙ නම "ඔටම්න් ඉන් මයි හාට්"(මහද සරා සඳ ඔබයි).  කොරියාව කිව්ව්ම ඔයාලා දන්නවනෙ , එයාලාගෙ නිර්මාණ වල අන්තර්ගතය ගොඩක් සද්ද බද්ද තියන ඇක්ෂන් මුවි වලට වඩා සියුම් රංගනයන් වලින් සුන්දර මිනිස් හැගීම් කියාපාන කතා බව. ඒ හින්දම ඒ නිර්මාන ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. ඉතින් මේකත් ඒ වගෙ  ආදරය,විරහව, මාපිය සෙනෙහස ,ජීවිතය ගැන කියා දෙන සංවේදි ලස්සන ආදර කතාවක්. මේක ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන භාෂා කීපයකටම පරිවර්තනය වුන  කතාවක්. ඔයාල මතකද?  ලොකයේ අනිත් රටවල වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය උන "පුල් හවුස්" කොරියන් ටීවි කතා මාලවෙ කටකාර හැඩකාර කෙල්ල "හැන් ජි යෙන්". ඒ ප්‍රධාන චරිතයට රඟ පෑ නිලිය "සොන්ග් හයි" මේකෙත් ප්‍රධාන චරිතය රඟපානවා.

     මේ ටීවි කතා මාලාව සිංහල උපසි‍රැසිත් එක්කම දෙන හින්දා, කතාව     වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ.        මං මේ කතාව පියවර හතරක දි     සම්පූර්නයෙන්ම   දෙනවා.       මේකෙ සිංහල උපසි‍රැසි හරියට ලෝඩ්    වෙන්නෙ   නැත්නම්   VLC Media Player       අලුත්ම සංස්කරනයක සෙටින්ග්ස් වල Subtitle Language කියන තැනට DL-Paras වගෙ සිංහල ෆොන්ට් එකක් ලෝඩ් කරගෙන නැවත Open කරගන්න.       එහෙම නැත්නම් Splash pro player එකෙන් පහල රූපයෙ විදියට settings හදාගෙන නැවත ඕපන් කරගන්න.  දැන් කිසි ගින්නක් නැතුව වැඩ නේද..



මේකෙ සිංහල සබ් නිකන් ම බාගෙන යන්නැතුව කමෙන්ට් එකක් දාලා යන්න හොඳේ...
       




                           

        player එකක් නැත්නම් මෙන්න මෙතනින් Splash pro player එක ගන්න.

                      මෙන්න මෙතනින් සිංහල ෆොන්ට් එක ගන්න.







    

              පහල ඇති ලින්ක් වලින් වීඩියෝ බාගත කරගන්න




                                                     Episode 1:





Episode 2:

Part 1

Part 2




Episode 3:

Part 1

Part 2








CHUCK ටීවි කතා මාලාව

      


                 මේ මම දෙන්න යන පලමු ටී.වී.කතා මාලාව "CHUCK". මේක ඇමෙරිකානු රහස් ඔත්තු සේවය සමග ගෙතුනු අපූරු කතා මාලාවක්. ඉතින් කතාව ගැන ටිකක් විස්තර කලොත්,
                "චක්" කියන්නෙ බ්ර්බෑන්ක් වල  "බයිමෝ" කියන සුපිරි වෙළඳසලක ඔහුගෙ හොඳම යාලුවා වන "මෝගන්" සමග පරිගණක සේවා ‍රැකියාවක් කරන සාමාන්‍ය තරුණයෙක්. ඔහු බුද්ධිමත් වුනත් අනාගතය  ගැන අවිනිශ්චිත බවින් ඉන්නෙ. ඔහුගෙ එකම සහෝදරිය "එලී" හා ඇයගෙ පෙම්වතා "කැප්ටන් ඕවසම්" වුඩ්කොම්බ්  දෙන්නම වෛද්‍යවරුන්. ඔවුන් චක්ගෙ වෘත්තිමය සහ ආදර ජීවිතය සාර්ථක කරගන්න නිතරම චක් ව ධෛර්යයමත් කරනවා.


         "බ්‍රයිස් ලාකින්" කියන චක්ගෙ කලින් ස්ටැන්ෆර්ඩ් සරසවි කාලෙදි එකට හොස්ට්ල් කාමරයෙ හිටිය යාලුවා දැන් ඇමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරියෙක්(CIA).මේ අතර ඔහු "ඉන්ටසෙක්ට්" නමින් හඳුන්වන CIA සහ NSA එකේ සියලු රහස් තොරතුරු ඇතුලත්  Database එක අඩංගු පරිගනකය විනාශ කර පැනයන අවස්ථාවෙ වෙඩි වැදුන විට ඉන්ටසෙක්ට් එකෙ කොපියක් චක්ට එවනවා. චක් මේ ඊමේල් විවෘත කරාට පස්සෙ එකේ සියලු තොරතුරු චක්ගෙ මොලයෙ කේතගත වෙනවා. මේ අතර "ඉන්ටසෙක්ට්" එක ගැන හොයන්න NSA මේජර් "ජෝන් කේසි" සහ CIA නිලධාරිනි "සාරා වෝකර්" පත් කරනවා.


                  මේ අතර "ඉන්ටසෙක්ට්" එක නිසා චක්ට අමුතු හැකියාවක්  ලැබෙනවා.ඒ කියන්නෙ "ඉන්ටසෙක්ට්" එකෙ ගබඩා වෙල තියන තොරතුරු අනුව කටහඩවල්,මුහුණු හා උපකරන "ෆ්ලෑෂස්" ලෙස දකිමින් අපරාධකරුවන් හදුනාගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගැන දැනගන්නා රහස් ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනා අපරාධ මැඩලීමේ මෙහෙයුම් වලට චක්ව යොදාගනිමින් චක් ව ආරක්ෂා කරගැනීමට තීරනය කරනවා. මේ සඳහා "සාරා" චක්ගෙ පෙම්වතිය ලෙස "බයිමෝ" එක අසලම ආහාර වෙලඳසලක වැඩ කරන අතර  "කේසි" බයිමෝ එකේ සේවකයෙක් ලෙස  වැඩ කරනවා.මේ අතර චක් ඔහුගෙ පවුල සහ යහලුවන් ආරක්ෂා කර ගැනීමට ඔහුගෙ දෙවන ‍රැකියාව රහසක් විදියට තියාගන්න උත්සහ කරනවා.


     මින් පස්සෙ කතාව ගැන මම විස්තර කරන්න  යන්නෙ නෑ. ඔයාලාම බලන්නකො මෙගොල්ලො ඉදිරියට අපරාද වලක්වන්නෙ කොහොමද, චක්ට දිගටම රහස රකින්න පුලුවන් වේයිද , චක් හා සාරා ඇත්තම පෙම්වතුන් වේයිද සහ මෝගන් සහ ඔහුගෙ බයිමෝ යාලුවන්ගෙ පිස්සු වැඩ කොහොමද කියලා.


ඇත්තටම මේක ඔයාලට ත්‍රාසය,හාස්‍යය,ආදරය,කුතුහලය පිරුණු ලස්සන කතාමාලාවක් වේවි කියලා මම හිතනවා. 




CHUCK පළමු කතා මාලාව  බාගත කරගන්න.(mkv 120MB)


        Episode 1       
          Episode 2 
          Episode 3 
          Episode 4 
          Episode 5
          Episode 6 
          Episode 7
          Episode 8 
          Episode 9 
          Episode 10 
          Episode 11 
          Episode 12 
          Episode 13  
                        


දෙවන කතා මාලාව ළගදීම...


Twitter Facebook Digg Stumbleupon Favorites More