Roswell සිංහල උපසි‍රැසි සමඟ (Season 1 - පළමුවන කොටස)




   වර්ගීකරණය : Scientific/Drama
       
                                                      මේ මං ඔයාලට දෙන දෙවන සිංහල උපසිරැසි ටීවි කතා මාලාව.
ඔයාලාට මතක ඇති, මීට කලින් මම Autumn in My Heart(මහද සරා සඳ) කියන ජනප්‍රිය කොරියන් ටීවි කතාමාලාව සිංහල උපසි‍රැසි සමග ම දුන්නා. ඒ කතාව නොබලපු අය තාම ඉන්නවනම්  මෙතනින් ගිහින් බාගත කරගන්න. ඒ කතාව ගොඩක් අය බාගත කරගෙන තිබීම ගැන මට සතු‍ටුයි. ඒ ලිපිය පලකල දවස්වල බ්ලොග් එකෙ තිබුන සමහර ප්‍රශ්න නිසා ගොඩක් අයට කමෙන්ට් කරන්න  ප්‍රශ්න මතුවුන බව  සමහර අඩවි වල ඒ ලිපිය සම්බන්ධ ව  පලකරලා තිබුන අදහස් වලින් මම දැනගත්තා. ඒත් දැන් ඔයාලට මේ අලුත්ම සිංහල උපසි‍රැසිය ගැන තියන ඔයාලගෙ අදහස්  කමෙන්ට් කරන්න පුලුවන්. මොකද ඔයාලගෙ අදහස් අපිට වටිනවා මේක ඉදිරියටත් ගෙනියන්න.

    මීට කලින් මම ම "රොස්වෙල්' පලමු කතාවෙ සියලු කොටස් උපසි‍රැසි නොමැතිව බාගත කරන්න ‍රැපිඩ්ෂෙයා ලින්ක් එක්ක දුන්නා.

     මේ පාර මං ඔයාලට දෙන ටීවි සීරියස් පිටසක් වල  ජීවින් සම්බන්ධ කතාවක්. පිටසක් වල ජීවින් කිව්වා ම ඔයාලට එක පාරටම හිතට එන්නෙ ලොකු ඔලුවක් තියන පොඩි ජාතියක් තියන අමුතු ජීවින් පිරිසක් ගැන නේද ? එහෙත් මේ කතාවෙ ඉන්න පිටසක් වල ජීවින් නම් මිනිසුන්ගෙ හැඩරුව තියන එහෙත් අමුතු හැකියාවන් තියන තරුණ පිරිසක්. හරියට ස්මෝල් විල් ටීවි කතාවෙ වගේ. මේ කතාවෙ කොටස් කීපයක් මීට කලින් ලංකාවෙ රූපවාහිනි නාලිකාවල පෙන්වලා තියනවා. මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් කතාවක්.

        හරි.. දැන් අපි කතාව මොකක්ද කියලා බලමුකෝ.

   මේ කතාවෙ නම තමයි "රොස්වෙල්". රොස්වෙල් කියන්නෙ ඇමරිකාවෙ නව මෙක්සිකෝවෙ පිහිටි ප්‍රදේශයක්. මේ ටීවි කතාවට රොස්වෙල් කියලා නම දාලා තියෙන්නෙ 1947 දී පමණ මෙම ප්‍රදේශයට වැ‍ටුණා යැයි සැලකෙන පිටසක්වල ජීවින්ගෙ යානාවක් සම්බන්ද සත්‍ය සිදුවීම පාදක කරගෙනයි. මේ කාලයේ පිටසක් වල ජීවින් සම්බන්ධ වැදගත් සාක්ෂි රාශියක් ලැබෙන්නට ඇතැයි සැලකෙනවා. නමුත් ඒ කාලයෙ ඇමරිකානු ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කිරීමට කටයුතු කරන අතරම ඒවා  සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පෙන්වීමට උත්සහ දරා තිබෙනවා. නමුත් ඒ කාලයෙ සිටම UFO නැත්නම් හදුනා නොගත් යානා හා ජීවින් පිලිබදව පරීක්ෂණ රහසේ සිදු කරන අතර FBI වැනි ඇමරිකාවෙ ප්‍රමුඛ ආරක්ෂක අංශ මේවා ලෝකයාගෙන් වසන් කරන්නට උත්සහ දරන බවයි බොහෝ අයගෙ මතය. මෙවැනි කරුණු පසුබිම් කරගෙනයි මේ ටීවි කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ.

         කතාවට අනුව ඒ රොස්වෙල් සිද්ධියේ විනාශ වුන යානාවෙන් බේරුන තුන්දෙනෙක් තමයි මැක්ස්,මයිකල් සහ මැක්ස්ගෙ සහෝදරිය. එම අනතුරින් ඔවුන්ගේ දෙමාපියන් UFO පරීක්ෂණ වලට ආරක්ෂක අංශ යොදා ගැනීම නිසා ඔවුන්ට දෙමාපියන් ව අහිමි වෙනවා. ඊට පසු ඔවුන් අපේ ලොකයේ සාමාන්‍ය පවුලක් දෙමාපියන් ලෙස සලකමින් සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සහ දරනවා. ඔවුන් තමන් සතුව තියන අසාමාන්‍ය බලය පාවිච්චි නොකිරීමට පරිස්සම් වෙනවා. මොකද තමන් පිටසක්වල ජීවින් බව අනෙක් අය දැන ගත්තොත් සැබෑ දෙමාපියන්ට වුනා වගෙම තමන්ගෙ ජීවිතත් අනතුරේ වැටෙන බව ඔවුන් දන්නවා.

       " ලිස්" කියන්නෙ පාසල් වෙලාවෙන් පසු අවන්හලක වැඩකරන අහිංසක සුරූපි තරුණියක්. එක් දිනක අවන්හල තුල සිදුවන ගැ‍ටුමකින්  වැරදීමකින් ලිස් වෙඩි වැදීමකට ලක්වන අතර ලිස් ගැන ලොකු ලෙන්ගතුකමක් තිබුන මැක්ස් ඇයගෙ ජීවිතය බේරාගැනීමට තමන්ගෙ අසාමාන්‍ය බලය පාවිචිචි කරනවා. මේ සිද්ධියත් සමග මැක්ස් සහ ඔහුගෙ සගයන් දෙදෙනා ගැන ඇමරිකානු රහස් ඔත්තු සේවා වල උකුසු ඇස් යොමුවෙනවා.  මැක්ස් තමන් කවුදැයි ලිස්ට පැහැදිලිකිරීමෙන් පසු FBI මැක්ස් පසුපස සැකකීරිම වැලැක්වීමට  මැක්ස් ඇතුලු පිරිසට ලිස් උදවු කරනවා.

               මේ අතරතුර ලිස් මැක්ස්ට ආදරය කරන්න පටන්ගන්නවා. මැක්සුත් ලිස්ට ගොඩක් ආදරය කලත් ඒ ආදරයට යම් යම් සීමා පනවගන්නෙ තමන් සාමාන්‍ය තරුණයෙක් නොවන නිසා. මේ නිසා මේ දෙදෙනාගෙ ආදරය කොයි වගෙ වෙයිද ? මැක්ස් ඇතුලු පිරිස ආරක්ෂක අංශවලින් සැගවෙන්න මොන වගෙ වැඩ කරයිද ?කියලා ඔයාලාට මේ කතාවෙන් බලන්න පුලුවන්.


සැ: යු:   මෙම සිංහල උපසි‍රැසියෙහි සම්පූර්ණ කතෘ අයිතිය TV SERIES LK සතු වන අතර මෙය ඔබට "නොමිලයේ" නිකුත් කරන ලද්දකි. එබැවින් මෙහි කිසියම් සංස්කරණ කටයුත්තක් කිරීම, සමකාලික කිරීම හෝ කතෘගෙ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියක පලකිරීම සදාචාරාත්මක නොවේ.


* password ඕනි වුනොත් ds කියල ටයිප් කරල Enter කරන්න.

             
                          වීඩියෝ ෆයිල් එක මෙතනින් බාගත කරගන්න
     
                           සිංහල උපසි‍රැසි මෙතනින් බාගත කරගන්න
                   


12 comments:

Anonymous said...

මම ගොඩක් ආස කරපු tv series එකක්.ගොඩක් ස්තුතියි.

Pajero said...

ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු කතාවක් .... හුගක් ස්තූතියි සහෝ.....

Unknown said...

බොහොම හොඳ වැඩක් යාලුවා. අද රෑ මමත් බාගන්නම්. දිගටම සබ් දාන්න ඕනෙ.

Madhawa Ariyarathna said...

මේ video files mkv ද?

E info LK said...

episode 2 කවද්ද එන්නේ

Vikee (TV SERIES LK) said...

දෙවන කොටස ලඟදිම දෙනවා.

මේ වීඩියෝ ෆයිල් එක mkv තමා. වීඩියෝ හොඳ තත්වයෙන් බලන්න පුලුවන්.
මං ඔයාලාට හැම වෙලේ ම දෙන්න උත්සහ කරන්නෙ අඩු මෙගා බයිට් ගානකින් බාගෙන, හොඳින් බලන්න පුලුවන් වීඩියෝ.

කමෙන්ට් එකට ස්තුතියි.

Madhawa Ariyarathna said...

mkv නම් දැන් බානවා....!

sujeewa said...

‍බෙහොම ස්තුතියි

Unknown said...

දිගටම මේ වැඩේ කරගෙන යන්න..මගේ හද පිරි සුභ පැතුම් ඔබට!!!
මේකේ එක කතාවක් බලලා අනිත් එක දෙනකම් ඉන්න තමා බැරි ඉතුරු කතා ටිකත් ඉක්මනට දෙන්න ලැබේවා පතනවා....
දිනෙන් දින වැඩි දියුණු වේවා..!

ජයෙන් ජය~!

දුලාන් said...

එල.ඉදිරියට තියෙන episode වලත් සිංහල subtilte දෙන්න හෝදේ

හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත said...

නියමම වැඩක් සහෝ....

හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත said...

නියමම වැඩක් සහෝ....මේ කතාව ඒ දවස් වල චැනල් අයි එකේ බලද්දී වපු දුකක්,
වෙන මොකක් හරි මගුලක් නිසා මේ කතාව දෙන්නේ නැ, අනික වෙලාවට පටන් ගන්නෙත් නැ, දැන් නම් එලටම බලන්න පුළුවන් වෙයි,
තව දෙයක් පුළුවන් නැ the X file කතා මාලාවටත් සබ් දෙන්න, ඒකත් පට්ටම පට්ටයි....ඔයාලගේ වැඩේ දිගටම කරන් යන්න මම සුබ පතනවා...ජය වේවා......

ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment

Twitter Facebook Digg Stumbleupon Favorites More