ඔයාලාට මම මීට කලින් දීලා තිබුණ වර්ගජ ප්‍රස්තාර ඩෙස්ක්ටොප් වර්ශන් එකේ සරල මොබයිල් වර්ශන් එක තමයි අද මං ලබාදෙන්නෙ. මේ නිසා පරිගණකයක් නැති අයටත් පහසුවෙන් භාවිතාකරන්න පුලුවන් නිසා ඩෙස්ක්ටොප් වර්ශන් එකට වඩා ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි. මේ ඇප් එකෙන් වෙන දේ වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ මං,ඩෙස්ක්ටොප් වර්ශන් එකේ වැඩි විස්තරයක් තියන නිසා. ඒත් ඉංග්‍රීසි මාධ්‍ය අයටත් භාවිතා කරන්න පුලුවන් විදියට මං ඉංග්‍රීසියෙන් ඇප් එක නිමකරලා තියෙන නිසා මේකෙ භාවිතා වන වචන ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම්.
මුලින්ම ඔයාලා අඳින වර්ගජ ප්‍රස්තාරෙ සමීකරණයෙ a ,b, c අගයන් ඇතුලත් කරලා Analyze බටන් එක ක්ලික් කලාම එන වචනවල තේරුම මේ වගෙ.
Roots
සමීකරණයේ මූල / y =0 වන x හි අගයන්
Maximum Shape
උපරිම හැඩය
Minimum Shape
අවම හැඩය
Maximum Value
උපරිම අගය
Minimum Value
අවම අගය
Maximum Point
උපරිම ලක්ෂ්‍යය / වර්තන ලක්ෂ්‍යය
Minimum Point
අවම ලක්ෂ්‍යය / වර්තන ලක්ෂ්‍යය
Equation of Symmetric axis
සමමිතික අක්ෂයේ සමීකරණය
Range of x which function is Negative
ශ්‍රිතය රින වන x හි අගය පරාසය
Range of x which function is Positive
ශ්‍රිතය ධන වන x හි අගය පරාසය
Range of Positively decreasing
ශ්‍රිතය ධනව අඩු වන x හි අගය පරාසය
Range of Negatively decreasing
ශ්‍රිතය රිනව අඩු වන x හි අගය පරාසය
Range of Negatively increasing
ශ්‍රිතය රිනව වැඩි වන x හි අගය පරාසය
Range of Positively increasing
ශ්‍රිතය ධනව වැඩි වන x හි අගය පරාසය
මේ කරුණු 10, 11 වසරවල ප්‍රස්තාර පාඩමේ අභ්‍යාසවල වගේම සාමාන්‍ය පෙල ගණිත ප්‍රශ්න පත්‍රයෙත් අනිවාර්යෙන් අහන කරුණු නෙ. ඉතින් සිසු දරුවන්ට ඇඳපු ප්‍රස්තාරෙ පිලිතුරු පරීක්ෂා කරන්න වගේම ගුරුවරුන්ටත් මේ ඇප් එක ප්‍රයොජනවත් වේවි. පහල ගූග්ල් ප්ලේ ලින්ක් එක ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු.
0 comments:
ඔයාලගෙ අදහස් මෙතනින් කොටන්න. Post a Comment